උපුටා ගැනීම CameraLK Store, ෆේස්බුක් පිටුවෙන්
CameraLK අපට කැමරා කියන්නේ වෙළඳ භාණ්ඩයක් පමණක් නොවෙයි. ඒවා කතා, හැඟීම් සහ අවස්තා ජීවමාන කිරීමට උපකාර කරන මෙවලම්. අද අපි ඉතා ගෞරවනීය හා අර්ථවත් ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස අත්පොත් තැබූවෙමු. දේශීය සිනමාව ශක්තිමත් වීම මඟින් ඉන් නිර්මාණශීලී පරිසරයක් වර්ධනය වී එය සමස්ථ ජායාරූප කර්මාන්තයම ඉදිරියට ගෙන යයි. එම අර්ථයෙන්, සිනමාවට සහය දීම, CameraLK අපගත් ව්‍යාපාරික තීරණයක් පමණක්ම නොව වගකීමක් ලෙසද අප විශ්වාස කරන්නෙමු.
මෙම සිංහල චිත්‍රපටය CameraLK විසින් නිෂ්පාදනය කරන පළමු චිත්‍රපටය වන අතර, නවතම Sony සිනමා කැමරා සහ Imagine තාක්ෂණය භාවිතා කරමින් මෙම නිර්මාණ කර්තව්‍යය සිදු කෙරෙයි. දේශීය සිනමාව හා නව තාක්ෂණය එකට ගෙන එමින්, ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කතාකරණයට නව මානයක් ලබාදීම අපගේ අරමුණයි.
“සීනි” – මෙය CameraLK අපගේ පළමු චිත්‍රපටයයි.
නමුත් මෙය දිගු දැක්මක ආරම්භයයි.




























