මෙය කාන්තාවන්ටම කියාපු හරිම අපූරු චිත්‍රපටයක්

𝐋𝐞𝐟𝐭 𝐇𝐚𝐧𝐝𝐞𝐝 𝐆𝐢𝐫𝐥 (2025)

𝐈𝐌𝐃𝐛 . 7.4/10

𝐑𝐨𝐭𝐭𝐞𝐧 𝐓𝐨𝐦𝐚𝐭𝐨𝐞𝐬 . 99%

𝐋𝐞𝐭𝐭𝐞𝐫𝐛𝐨𝐱𝐝 . 3.9/5

තායිවානය 🇹🇼 මේ සැරේ ඇකඩමි සම්මාන උළෙලට ‘හොඳම විදේශ භාෂා චිත්‍රපටය’ විදියට යවන්න තෝරගෙන තියෙන චිත්‍රපටය තමයි මේ. 𝐃𝐫𝐚𝐦𝐚 ශානරයෙන් හැඩගැන්වුන මෙය කාන්තාවන්ටම කියාපු හරිම අපූරු චිත්‍රපටයක්.

ප්‍රධාන චරිතය තමා 𝐈-𝐉𝐢𝐧𝐠 (𝐍𝐢𝐧𝐚 𝐘𝐞). හරිම හුරුබුහුටි, හුරතල් දැරියක්. මෙයාගේ විශේෂය තමා වම් අත හුරු දැරියක් වීම.

වම් අතින් කෑම කන්න හොඳ නැද්ද?

සාමාන්‍යයෙන් ආසියාතික රටවල මිනිස්සු වම් අත තමයි පෞද්ගලික සනීපාරක්ෂාවට භාවිතා කරන්නේ. එතකොට ඒ අත ආහාර අනුභවයට ගනිද්දි පොඩි අවුලක් නැත්තෙමත් නෑ. ඔය ප්‍රශ්නේ ගොඩක්ම එන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ ආහාර අනුභවයට අත පාවිච්චි කරන රටවලට. හැබැයි 𝐜𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐬𝐭𝐢𝐜𝐤𝐬, හැදි, ගෑරුප්පු වගේ උපකරණ අරන් කෑම ගන්නවනම් ඒක ලොකු ප්‍රශ්නයක් නොවන බවයි මගේ අදහස. මේක තායිවාන චිත්‍රපටයක් නිසා අග්නිදිග ආසියාවේ රටවල් භාවිත කරන 𝐜𝐡𝐨𝐩𝐩𝐢𝐧𝐠 𝐬𝐭𝐢𝐜𝐤𝐬 නිසා අත කෙලින්ම ආහාරයේ ගෑවෙන්නේ නෑ.

ඒත් 𝐈-𝐉𝐢𝐧𝐠 තමන්ගේ මවගේ මව බලන්න ගියාම එහේ සීයා ඇය ආහාර ගන්න අත ගැන හැමවෙලාවෙම දෝෂදර්ෂණයට ලක් කරනවා. අන්තිමේදී 𝐈-𝐉𝐢𝐧𝐠ට සීයා කියනවා මෙහෙම “මගේ ගෙදරදි වම් අත පාවිච්චි කරන්න එපා. වම් අත කියන්නේ යක්ෂ අත”. ඒකත් හරියට ඔන්න පුතේ ගෝනි බිල්ලෝ එනවා අල්ලන් යන්න කියන දේ ඇහුවේ නැත්තම් වගේ දෙයක්.

𝐈-𝐉𝐢𝐧𝐠ගේ පුංචි සිතේ ඇතිවන ගැටළු තමන්ගේ මවට කෙලින්ම කියන්න කලින් දෙසැරයක් හිතනවා. ඒ මව එදා වේල හම්බ කරන්න වෙන මහන්සියට තව තව දේවල් එකතු කරන්න බැරි නිසා.

කුඩා 𝐈-𝐉𝐢𝐧𝐠ට මවගේ අවවාද ලැබෙන්නේ හරිම අඩුවෙන්. එයා ළදරු පාසලෙන් කලින් ආවත් අම්මා 𝐒𝐡𝐮-𝐅𝐞𝐧 (𝐉𝐚𝐧𝐞𝐥 𝐓𝐬𝐚𝐢) ඒ ගැන දන්නේ නෑ. ඇය කෑම කන්න යොදාගන්න අත ගැනවත්, ඇය ලස්සන දේවල් කඩවල්වලින් හොරකම් කරන බවවත් අම්මාට වගේ වගක් නෑ. හොයන්නෙත් නෑ. ඇත්තටම අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා ගැන එහෙම නොසැලකිලිමත් වෙන්න පුළුවන්ද?

𝐈-𝐉𝐢𝐧𝐠 අම්මට වඩා කිට්ටු එයාගේ අක්කා 𝐈-𝐀𝐧𝐧ට (𝐒𝐡𝐢𝐡-𝐘𝐮𝐚𝐧 𝐌𝐚). අක්කා තමා නංගිට ගුරුහරුකම් දෙන්නේ.

𝐒𝐡𝐮-𝐅𝐞𝐧 කියන්නේ කුඩා කාලයේ පටන් හැම දෙයකම හොඳම කොටස තම සහෝදරයාට ලැබුණ පවුලක සිටින එක් සහෝදරියක්. වෙනම පවුලක් වී සැමියාගේ ණයතුරුස් ගෙවීමට හම්බ කරන සොච්චමත් යට කරන්න වෙන එක කොච්චර අභාග්‍යයක්ද? වැඩිමහල් දියණියගේ මුරණ්ඩු ක්‍රියාකලාපය වගේම දෙවැනි දියණියගේ නොදන්නාකම යන සියළුම කාරණා සමස්ථ කාන්තා පරපුර නියෝජනය කරයි.

කුඩා දැරියකගේ නාමයෙන් කාන්තාවක් විදින සියළු දුක් ගැහැට එක මිටට ගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය අවසානයේ ලබාදෙන 𝐩𝐥𝐨𝐭 𝐭𝐰𝐢𝐬𝐭 එක චිත්‍රපටය තුළදී කිසිලෙසකින්වත් නොසිතන අයුරේ එකකි.

~🖊️ ලක්මාලි වීරසූරිය ~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *