ඇහෙනවද ? ඔයාට….
දැන් මට මහන්සියි…
මට මේක කරන්න පුළුවන්ද…?
මට බයයි…
මට පාළුයි…
මං කවදද මං ආස ජීවිතේ ගත කරන්නේ…
මට මේ රස්සාව ඇතිවෙලා…
එයාලා මට හිනාවෙයි...
මාව කවුරුත් තේරුම් ගන්නේ නෑ...
එයාලා හිතයි මට පිස්සු කියලා…
ඔයා අහලා තියනවද? ඔයාගෙම මනසේ දෝංකාරය…
ඔයාට, මට මෙහෙම නම්,
හීන්නෝන්මාදයෙන් පෙළෙන කෙල්ලෙක්ගේ සිතුවිලි කොයිවගේ ඇද්ද..?

කල්පනා කියන්නේ තමන්ගේ අම්මගේ වගේම හොදම යහළුවගේ වියෝව දරාගන්න බැරුව ඒ නිසාම හීන්නෝන්මාදයෙන් පෙළෙන තරුණියක්,
දන්නවද කෙල්ලෙක්ට තමන්ගේ අම්මව නැතිවෙන්න හොද නෑ, අම්මා නැතිවෙනවා කියන්නෙම ඇයගේ ආරක්ෂාව, ඇය කෙළිලොල් සිතුවිලි, ඇයගේ හඩ, ශක්තිය කොටින්ම කිව්වොත් ඇයගේ ඇතුළාන්ත ගැහැනු ආත්මය මැරුණා හා සමානයි.
ඒ වගේම තමයි අම්මෙක් නැති කෙල්ලෙක්ට අඩුම පිරිමි සහෝදරයෙක් හරි යහළුවෙක් හරි ඉන්නම ඕනි බය නැතුව ඕනි දෙයක් කියන්න, ඕනි තැනක යන්න. ඒත් කල්පනාට හිටියේ පියවි ලෝකයෙන් බැහැර වෙච්ච තමන්ගේ මනෝ ලෝකයක පණ ලබපු චරිත. ඇය ඒ මියැදුණු චරිත එක්ක නිර්මාණය නොකළ, නොවිදපු අනාගත අපේක්ෂාවන් එක්ක අතීතය, වර්ථමානය, අනාගතය යා කරමින් ජීවත්වෙන හින්නෝන්මාදය නැමැති වංකගිරියේ අතරමංව දුක, සතුට මැද දෝලනය වන්නියක්.
මං නම් කියන්නේ කිසිම කෙනෙක්ට තමන්ගේ සමීපතයින් අහිමිවෙන්න හොද නෑ මොකද ඒ අහිමි වෙන්නේ අපි ආදරය කරපු මිනිස්සු විතරක්ම නෙවෙයි එයාලා එක්ක අපි ගොඩනගන්න හීන දැකපු ඒ ලස්සන අනාගතයයි. එහෙම හිතනකොට හරි අමාරුයි…

ඉතින් කල්පනා මේ මානසික ව්‍යාධියෙන් කොහොම ගොඩ එයිද? මේක බලන්න වටිනම කතාවක්. මං එහෙම කියන්නේ චරිත වලට පණ පොවන්නේ සැබෑම දක්ෂයින් නිසා
කල්පනා ලෙස Umali Thilakarathna, කල්පනාගේ යහළුවගේ පියා ලෙස Sarath Kothalawala, කල්පනාගේ යහළුවා සහ husband ලෙස ලෙස Rumal Dhananjana, කල්පනාගේ පියා ලෙස Indika Sanath Wickramarchchi යන විශිෂ්ට රංගධරයින් රංගනයෙන් දායක වූ මෙම කෙටි සිනමාපටයේ සුවිශේෂත්වයයි.

මෙහි අධ්යක්ෂවරයා ගැන කිවහොත් ඔහු නමින් Vimukthi Fernando, වයසින් තවමත් භද්‍ර යොව්වනයේ පසුවූවත් වයසට එහා ගිය පරිකල්පන ශක්තියකින් සහ සිනමා විෂය පථය කෙරෙහි දැනුම් සම්භාරයකින් පරිපූර්ණ, නිතරම ඒ පිළිබඳ කුකුසකින් හා පිපාසයකින් පෙළෙන පුද්ගලයෙක් කිවුවොත් නිවැරදි. ඔහු සිනමාකරණ හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UoVT) උපාධියක් හිමි, ශ්‍රී ලංකා මාධ්‍ය පුහුණු ආයතනයේ (SLMTI) චිත්‍රපට නිර්මාණය හා රූපවාහිනීකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්ද, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය හා රේඛීය නොවන වීඩියෝ සංස්කරණය පිළිබඳ විශේෂිත පුහුණුවකින්ද හෙබි දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන අතර, මෑත භාගයේ වාණිජ වීඩියෝ අධ්‍යක්ෂවරයෙකු ලෙසද, කිතුනු නාලිකාවක් වන රාගම, Verbum Television Lanka (Guarantee) Ltd. හී වීඩියෝ සංස්කාරකවරයෙකු, කැමරා අධ්‍යක්ෂක, ග්‍රැෆික් නිර්මාකරුවෙකු ලෙස ද, Raw Media Network (Pvt) Ltd හී ප්‍රධාන වීඩියෝ සංස්කරණ ශිල්පියෙකු සහ කැමරා අධ්‍යක්ෂක ලෙසද ශිල්පීය දක්ශතා පෙන්වමින් පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබාගත් අයෙකි.



බොහෝ දෑ ඔහු ගැන කිවහැකිමුත් මේ ඔහු ගැන නොව ඔහුගේ සිනමා නිර්මාණය පිළිබඳ කතා කළ යුතු මොහොතයි. ඉතින් ඔහු ගැන දැනගන්නටත්, සිනමාපටයේ රංගන ශිල්පීන්ගේ රංගන කව්ශල්යය නරඹන්නටත්, හීන්නෝන්මාදයෙන් පෙළෙන්නන් පිළිබඳ වෙනස්ම කෝණයකින් බලන්නටත් කුකුසක් ඇති ඔබට මා මේ කෙටි සිනමාපටය නරඹන්නට ඉදිරියේදී Onliine Digital අවකාශයේ හෝ රුපවාහිනී තිරය මත දැකගැනීමට අවස්ථාව හම්බෙන වෙන බවයි ආරංචි වන්නේ.
සටහන – Sachi Fernando
සිනමාවේදීන් – The Cinema People පිටුව – Chinthaka Fernando











