පෙරීප්ලා කෙටි චිත්‍රපටය

සම්මාණනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ගයාන් ප්‍රනාන්දු ගේ හත්වන කෙටි චිත්‍රපටය වන පෙරීප්ලා කෙටි චිත්‍රපටය ළඟදීම අන්තර්ජාතික සම්මාන උලෙළවල්හිදී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

මෙහි අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය ගයාන් ප්‍රනාන්දු විසිනි. තිර රචනය ජයන්ත රාජරත්න බණ්ඩාර විසින් රචනා කර ඇති අතර පෙරිප්ලා කෙටි චිත්‍රපටයේ රංගනයෙන් මහේන්දු වීරරත්න, ඉමේෂා එදිරිපක්ෂ, අමිල චින්තක ගමගේ හා කවිත්මා ඕෂිණී යන අය රංගනයෙන් දායක වෙයි.

අංග රචනය | නිලේෂා කුලතුංග සහ අයේෂා විජේසූරිය
සහාය අධ්‍යක්ෂණය | මදුෂාන් බන්ඩාර
සංගීතය | නවරත්න ගමගේ
කලා අධ්‍යක්ෂණය | චමින්ද සම්පත්
වර්ණ සංකලනය | Darkmoation Film
නිෂ්පාදනය | එලබඩගේ ලලිතා ප්‍රනාන්දු
ඉදිරිපත් කිරීම | Zoomfilm Production & Darkmoation Pictures

සාරාංශය

හිස් අහස මත රුපියල් සත සොයන්නට ගොස් ඔවුන් ඔවුන්ගේ ම ජීවිත උඩු යටිකුරු කර ගන්නේ ඔවුනුත් නොදැනීමෙනි. ජීවිතය නොදකින සුරතල් දියණියකි. දූවිලි සිහිනයක් අසල ඇය නගරයේ පවුරක් අසල අතරමං වී සිටී. අධි යථාර්තවාදී සිහින දකින දියණියක් වෙනුවට ඇය දූවිළි ගොඩක ජීවිතය සොයමින් පොරබදයි . ධනේෂ්වර පංතිවල වංශක්කාරයින් විසින් ඔවුන්ගේ දුප්පත් සමාජ කුඩුම්බය සහමුලින්ම සූරාගෙන ඇත.

ඔවුන් සූරාගෙන කන්නේ ඔවුන්ගේ කඳුළ පමණක් නොව පපු කැවුතු වලින් එළියට පනින ආත්මීය සෙනහසයි. මෙසේ කතාව දියණියක් හා මවක් වටා ගොඩනැගේ තවත් විටක මව ධනය බලය වෙනුවෙන් තමන් ගේ හැගීම් අලවි කරයි.

ඒ අතර දියාරු වෙන ජීවිතය දෝතින් බදා ගැනීමට හයිය සොයන්නේද ඇයමය. පිපාසයෙන් පෙළෙන අසම්මතයෙන් බැට කමින් තනිව උඩුගම්බලා හිස් ලෝකයක ගමන් කරයි ඇයට කිසිවෙකු නොමැත. ඇය ගැහැණියක් වුවද අම්මා කෙනෙකි.

වික්ෂිප්ත වූ සත්‍යය නැමැති මහා අනන්තයේ අතරමං වන විට අනෙකා අනෙකාගේ ගමන සොයයි, ඔවුන් ඔවුන්ගේ ගමන සොයයි, ඇය ඇගේ ගමන සොයයි.

මොවුන් ගේ අවසාන ඉරණම කුමක් සදහා ද? විනිශ්චයේ අයිතිකරුවා පේක්ෂක ඔබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *