බොලිවුඩ් විකල්ප ධාරාවේ නූතන රැජින …?

වයස්ගත වීම වරප්‍රසාදයක් ලෙස දුටු

-කොන්කොනා සෙන් ශර්මා-

” මම හිතනවා ජීවන පාඩම් තමයි අපිට ජීවිතේ ලැබෙන හොදම අද්දැකීම් කියලා . නමුත් ඒ දේ අද්දැකීමෙන් ලබාගන්න බැරි නම් . ඒ දේ තේරුම් ගන්න හොදම විදිය කතාවක් හරහා තේරුම් ගැනීම ,සිනමාපටයක් ,පොතක් ,කතන්දරයක්..හැගීම් අඩංගු වෙලා තියන .. ඒ පොදු හැගීම් හරහා අපිට ඒ කතාව එක්ක සම්බන්ද වෙන්න පුලුවන් විදියේ..මම හිතන්නේ එහෙමයි ඔබට ඔබ ගැන ඉගන ගන්න පුලුවන් වෙන්නේ.අනිත් මිනිස්සු ගැන ඉගන ගන්න පුලුවන් වෙන්නේ….ඒ වගේම ජීවිතය ගැනත්..”

මෙහෙම කියන කොන්කොනා සෙන් මේ වෙද්දී ඉන්දියාවේ දක්ශතම චරිතාංග නිලියක් ලෙසයි නම් දරා සිටින්නේ.නමුත් පුදුමයට කරුණක් වන්නේ කවදාවත් ඇය නිලියක් වීමට ආශා නොකල කෙනෙක් වීමයි ..

” අවංකවම , මට කවදාවත් නිලියක් වෙන්න ඕනේ කලේ නෑ. මිනිස්සු මට කියනවා “ඔයා හොද නිලියක් ” කියලා ..ඒත් මම නම් ඒවා විශ්වාස කරන්නේ නෑ.මගේ ප්‍රේක්ශකයන්ට මම ආදරෙයි.එයාලා මට මගේ පවුලේ අය වගේ..ඒත් පවුලේ අය කියන දේවල් සීරියස් ගන්නේ කවුද ?

ඇය සිනහ වෙමින් කියනවා.කොන්කොනාගේ පියා පත්‍රකලාවේදියෙක් වගේම විද්‍යා ලිපි රචකයෙක්, මව අපරණා සිං නිලියක් වගේම ජාතික සම්මාන දිනූ සිනමාපට නිර්මාණකාරියක්. ඇගේ සීයා තමයි සත්‍යජිත් රේ එක්ක එකතුවෙලා “කොල්කටා සිනමා සමාජය ” අරම්භකරලා තියෙන්නේ . ආච්චී අම්මා ජාතික සම්මාන දිනූ ඇදුම්නිර්මාණ ශිල්පිණියක් . ඒ අනුව කොන්කොනා කියන්නේ සිනමා පවුලකින් පැවත එන්නියක්. Nepotism වගේ සංකල්පයක් හිතනව වගේ අදුරු නෑ කියන්නත් ඇය හොද උදාහරණයක් .

” මම හැදුනේ වැඩුනේ අපූරු කතා කියන්නන් ඉන්න වටපිටාවක .මගේ පියා මට භය හිතෙන කතා කියා දුන්නා . අම්මා එයාගේ අද්දැකීම් සම්බන්ද කතා ලස්සනට කියලා දුන්නා , ඒවගේම මම හොද කියවන්නෙක් වුණා . මම කැමතී කතන්දර පොත් කියවන්න ,

නමුත් කොන්කොනා වයස අවුරුදු 5ක් තරම් කුඩා වියේ සිටියදී ඇගේ දෙමාපියන් වෙන්ව යනවා .

මගේ පියා මගේ ජීවිතයේ විශාල කොටසක් වූණත් මගේ මව තමයි තනිවම ගැහැණු ළමයින් දෙදෙනෙක් උස්මහත් කලේ. කොහොම වුණත් මම අම්මගෙයි තාත්තගෙයි එකතුවක් , ඒ හැර ඔවුන්ගේ වෙන්වීම මට සාමාන්‍ය දෙයක් ලෙසයි දැනුනේ ..

” මගේ අම්මා මට නිතරම කිව්ව දෙයක් තිබුණා “පොඩි දරුවෙක් අසතුටින් ඉන්න දෙමාපියන් ගාව හැදෙනවට වඩා , වෙන්වෙලා ඉන්න සතුටුදායක දෙමාපියන් ඇසුරේ උස්මහත් වීම වඩා යහපත් “

කියලා…,

ඇය කුඩා කාලයේදි ඇයට ප්‍රධාන දාරාවේ

සිනමාපටයක් නැරඹීමට වැඩිහිටියන්ගෙන් අවසර ලැබී නැහැ. අඩුම තරමේ “රාමායනය ” , “මහාභාරත් ” වැනි නාට්‍යක් හෝ ඇයට නැරඹීමට ඉඩ නොලැබුණ බව ඇය සදහන් කරනවා.

ඇය කුඩා කල ඉතා ලැජ්ජශීලී චරිතයක් වුණා.කොන්කොනාගේ සිනමා ගමන ඇරඹුණේ කලාත්මක සහ නිදහස් සිනමාපට තුලිනුයි. නමුත් මේ වෙද්දී ඇය ප්‍රධාන දාරාවේ සාර්තක නිර්මාණ රැසකටත් දායක වී තිබෙන බව නොරහසක්.

“මම මුල් කාලේ හරි ලැජ්ජශීලී චරිතයක් . මිනිස්සු මම රගපානවා බලනවටවත් මම අකමැති වුණා . මුල් කාලේ මට ලැබුණ සිනමාපටත් B- grade බොලිවුඩ් ෆිල්ම්ස් වල කොපි වගේ ඒවා.

“කවුරුවත් මේවා බලන එකක් නෑ !.කවුරුවත් මාව දැනගන්න එකක් නෑ!! එහෙම හොදයි “වගේ මානසිකත්වයක මම හිටියේ. ඒත් ඒ සිනමාපට නොහිතූ විදියට සාර්තක වුණා .මට සම්මාන ලැබුණා .එතනින් තව සිනමාපට ලැබුණා.

“”මගේ අම්මා මට Mr and Mrs iyar කරන්න කිව්වාම මම බෑම කිව්වා .ඒත් අම්මා මාව ඒ ගැන අධ්‍යනය කරන්න මදුරාසි යැව්වා .එතනින් පස්සේ නම් මම මේ සිනමාව ඇතුලේම හිර වුණා “

ඇය මේ වෙද්දී ජාතික සම්මාන ද්විත්වයකින් හා ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරකින් පිදුම් ලැබූ නිලියක්

හිංදි සහ බෙංගාලි සිනමාවට සම්බන්දව සිටින ඇය රංගනශිල්පිණියකට අමතරව තිරපිටපත් රචිකාවියක් වගේම අධ්‍යක්ශිකාවක් ලෙසද හැදින්වීම සුදුසුයි.

කාන්තා මූලික චරිත වලට පණපෙවීමට කැමති ඇය ස්ත්‍රීවාදියෙක් කියලා බොහෝ දෙනා හිතනවා ඇති. ඒ ගැන කොන්කොනාගේ අදහස මෙවැන්නක්.

“ස්ත්‍රීවාදය (feminism ) ලබාගෙන තියන නරක කීර්තිය ගැන මට වෙලාවකට පුදුමත් හිතෙනවා. එක විනාඩියකට ඔබ #සමානාත්මතාව ගැන කතාකලොත් , ඔබට මේ ලේබල් එක ගහගන්න ඕනෙද නැද්ද අදාලම නෑ ! ඊලග මිනිත්තුවේ ඔබ #ස්ත්‍රීවාදියෙක්

කුඩා කල සිට අධ්‍යාපනයට දස්කම් දැක්වූ කොන්කොනා සෙන් ශර්මා ඉංග්‍රීසි භාෂාව පිළිබද උපාධිධාරිනියක්. ජීවිතේ නැවුම් වෙනසක් කරගන්න ඉස්සරහට යන්න කැමති කාන්තාවකට කොන්කොනා මෙහෙම උපදෙසක් දෙනවා .

” මම කියන්නේ තමන්ට වියදම් කරන්න අවශ්‍ය සල්ලි තමන්ම උපයන්න , සැමියා ඔබට උපකාර කරන කෙනෙක් වෙන්න පුලුවන් නැත්නම් ඔබට සැමියට පවුලට උපකාර කරන්න අවශ්‍ය වෙන්න පුලුවන් .. තනිකඩ හෝ දෙමාපියන් යටතේ ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්ඒ වුණත් නැතත් සල්ලි උපයන්න ..මොකද ඒ ඔස්සේ ඔබට ජීවිතේ අසරණ වීමකට වඩා හොද තෝරාගැනීම් කිරීමකට ඉඩ ලැබෙනවා..”

ඒ වගේම කාන්තාවකගෙන් අහන්න නොසුදුසුම ප්‍රශ්න ලෙස “ඔබ විවාහ වෙන්නේ කවද්ද ? ” කවද්ද දරුවෝ හදන්නේ ” වගේ දේවල් සදහන් කරනවා

ළමා නිලියක් ලෙස Indira (1983) නම් සිනමාපටය හරහා ඇය සිනමාවට පිවිස තිබෙනවා. පසු කාලීනව ඇය Ek Je Aachhe Kanya, Titli, Mr. and Mrs. Iyer වැනි විචාරක ප්‍රසාදය දිනූ සිනමාපට සදහා දායක වුණා. විශේෂයෙන් Mr. and Mrs. Iyer ඉහලම විචාරක ප්‍රරසාදයට බදුන් වුණා . එපමණක් නොව එම රංගනය ඇයට ජාතික සම්මානයක්ද උපයා දුන් මට්ටමේ එකක් වුණා.Page 3, 15 Park Avenue (2005), Omkara (2006) ,Life in a… Metro තවත් සාර්තක නිර්මාණ කීපයක්.

“මගේ සිනමා ජීවිතේ මුල් කාලේ .මම හිටියේ ගොඩක් අසතුටින් , සිනමාවක් බලාපොරොත්තු වන විදියට පෙනී ඉන්න එක මට අමතර පීඩනයක් වුණා . හැම අවස්තාවකදිම වගේ මම හිටියේ අපහසුවෙන්, ඒත් ටිකෙන් ටික හැමදේම වෙනස් වුණා , කොහොමද කවද්ද කියලා තේරුණේ නෑ, ඒත් හැමදේම වෙනස් වුණා .

2006, ඇය අධ්‍යක්ශිකාවක් ලෙස ක්ශේත්‍රයට අවතීර්ණ වුණේ බෙන්ගාලි කෙටි චිත්‍රපටයක් වූ Naamkoron (Naming Ceremony) සමගයි.” 2017 වසරේ ඇය අධ්‍යක්ශණය කල A Death in the Gunj සිනමාපටය විවිධ සිනමා උළෙල වලදී සම්මානනීය වුණා . පසු කාලීනව ඇය යශ් රාජ් ,ධර්මා ප්‍රඩක්ශන් වැනි ඉහලම පෙලේ කමශල් සිනමාපට නිශ්පාදන සමාගම් වල සිනමාපට වලටද රංගනයෙන් දායක වුණා .

Wake up sid ඇය රංගනයෙන් දායක වූ ජනප්‍රියම සහ අතිසාර්තකම සිනමාපට අතරින් එකක්, එහිදි ඇගේ ස්වභාවික සහ සැහැල්ලු රංගනය ඉහලින්ම ඇගයුණාඅබිරහස් කතා පොත් කියවීමට කැමති ඇයගේ ප්‍රියතම පොත් අතර ශර්ලොක් හොම්ස් ගේ පොත් සහ අගතා ක්‍රිස්ටි රචිත පොත් අඩංගු වෙනවා.

2021 වසරේ නිකුත් වූ බොලිවුඩ් ඇන්තොලොජි සිනමාපටයක් වූ ajeeb daastan සමස්ත නලු -නිලියන් අතරින් විෂිඨතම රංගනය ඇයගේ බව බොහෝ දෙනෙක් අවිවාදිතව පිලිගත් යමක්. ජීවිතය ගැන ඇයට තියෙන්නේ මෙහෙම අදහසක්.

” මම විශ්වාස කරනවා ජීවිතය කියන්නේ විටින් විට මරණය පිලිබද අවදානය බිදගැනීමේ ක්‍රියාවලියක් කියලා . අපි හැමෝම දන්න එකම සත්‍යතාව අපිට අනිවාර්‍යෙන් මැරෙන්න වෙනවා. ඉතිං ඊට කලින් සතුටින් ඉන්න කරන්න ඕනේ දේවල් කරන්න !
ජීවිතය ඉවර වෙද්දී, ඔබට ඔබ කල හොදම දේවල් මතකයේ තියන එකක් නෑ . නමුත් ආදරය කරන මිනිසුන් සමග ගෙවුණ ඒ සතුටුදායක කුඩා මොහොතවල් සදා මතකයේ තියේවී.”

ස්ත්‍රිපුර්ෂ භාවය ලිංගිකත්වය මේ වෙද්දී බහුලව කතාබහ වෙන මාතෘකා විශේෂයෙන් ඉන්දියාව වගේ රටක . ඒ ගැන කොන්කොනා මෙහෙම කියනවා.

“ස්ත්‍රීපුර්ශ භාවය සහ ලිංගිකත්වය පවා වර්ණාවලියක් කියලා අපිට තේරුම් යන කාලයක් එනවා. කිසිම කෙනෙක් එක වගේ නෑ. විශේෂයෙන් අපි හැමෝම වෙනස් ,ඒකත් වෙන වෙනස් විදි වලින් , අපි සියල්ලන් එකට බැද තබන පොදු නූලක් තියනවනම් ඒ #මනුශ්‍යත්වය පමණයි.

ඒකාකෘතික ස්ත්‍රී-පුර්ශවාදය ගැන ඇය දරන්නේ මෙහෙම අදහසක්

” ගෑණු පිරිමි අයට ස්ථිර භූමිකා ලබාදීලා ගැහැණු පිරිමි කියලා ඔවුන් පෙට්ටි දෙකකට දානවා., අපි අන්න එහෙමයි ජීවත් ඕනේ .එයාලා අර විදියට ජීවත් වෙන්න ඕනේ , හැමදේම හොදන් ,

හැමෝම ආරක්ශිතයි..ඒත් හිතලා බලන්න ..ඒක එහෙම වෙලාද ?

ඉන්දීය සිනමාව තුල ඒකාකාරී කාන්තා චරිත පමණක් දැක ගැනීමට ලැබීම ගැන ඇය මෙහෙම කියනවා .

සිනමාවේ කාන්තාවන් නිරූපණය වෙද්දී කලාතුරකින් තමයි 30 වැඩි කාන්තාවන් කේන්ද්‍රීය චරිත දැකගන්න ලැබෙන්නේ. ඒකේ තේරුම අපිට බැදලා ලමයි ඉන්න 30 පැන්න කාන්තාවන් ගැන දැනගන්න උනන්දුවක් නෑ කියන එකද ? ඔවුන්ට සිනමාවේ ඉඩක් නෑ කියන එකද ?

“කොහොම වුණත් දැන් දැන් සිනමාව ඒකාකෘතික කාන්තාව කියන භූමිකාවෙන් එහාට ගමන් කරමින් සිටිනවා. ප්‍රේක්ශකයාට ලබාදෙන සිනමාව ගැන එයාල සතුටුද? නැත්නම් මීට එහා යමක් එයාල ඕනෙද ?

ඒක තියෙන්නේ ප්‍රේක්ශකයන්ගේ අතේ ,එයාලට හඩ නගලා කියන්න වෙනවා, අවශ්‍ය මොනවගේ අන්තර්ගතයක්ද කියලා . තනි මට හැමෝම වෙනුවෙන් පෙනී හිටින්න හෝ බහුතරය දරන අදහස ගැන කියන්න බෑ.”

“මම හිතනවා හොද සිනමාපටයකට ලෝකේ වෙනස් කරන්න පුලුවන් කියලා , ඒකේ තේරුම හැම සිනමාපටයක්ම අපි හිතන්න පෙලඹවන ඒවාම විය යුතුයි කියන එක නෙවේ. නමුත් අනිවාර්‍යෙන් සමහර සිනමාපට ඒ යටතට අයත්”

——————————————————————————————————–

ඇගේ පෞද්ගලික ජීවිතය ගැන යමක් සදහන් කලොත්, 2007 වසරේ ක්ශේත්‍රයේ දක්ශ නලුවෙකු වන රන්වීර් ශෝරේ සමග ප්‍රේම සම්බදතාවක් ඇරඹූ කොන්කොනා 2010 වසරේ ඔහු සමග යුග දිවියට පත්වුණා .එසේම ඊලග වසරේ එක් දරුවෙකුට උපත ලබාදුන්නා.
මේ විවාහය සාර්තකව බොහෝ කලක් ගෙන යෑමට ඔවුන් අසමත් වුණා.

නමුත් උපදේශන වලට සහභාගී වෙමින් විවාහය රැකගෙන එකට සිටීමට ඔවුන් කලක් උත්සහ කළා. නමුත් සියල්ල ව්‍යර්ත වූ තැන වෙන්වීම පිලිබද මාධ්‍යට දැනුම් දුන් ඔවුන් 2020 වසරේ නීතියෙන් වෙන්ව ගියා.

කෙසේ වුණත් ක්ශේත්‍රයේ මිතුරන් ලෙස සිටින ඔවුන් දරුවාගේ භාරකාරිත්වය සහයෝගයෙන් පවත්වාගෙන යන බව සදහන්.

මානව සබඳතා අධි තක්සේරුවට ලක්වූ සංකල්පයක් ලෙස දකින ඇය පවුල තුල වැඩ බෙදා ගැනීමේ සංකල්පය වඩා යහපත් කොට දකින කාන්තාවක්.   “විවාහයෙන් අසු ඔබේ චිත්තවේගී සංචිතය ඔබේ සැමියා හෝ බිරිඳ පමණක් විය යුතු නැහැ , එහෙම වුනොත් අවසානයේ එය ඉතා නීරස සහ ඒකාකාරී වීමට ඉඩ ප්‍රස්තාව ඉහලයි. ඔබේ මව, පියා , මිතුරන් මේ ලෙස ජීවිතයේ විවිධ පුද්ගලයින් සිටීම සතුටක්. ”  

“කොහොම වුණත් සමහර සබඳතා ජීවිතේ පවතින්නේ යම් කාලයක් සඳහා පමණි. එහෙම වෙලාවක අපහසුවෙන් කණගාටුවෙන් එකට ජීවත් වීමට වඩා වෙනම ජීවත් වීම යහපත් තෝර ගැනීමයි.” ‘

“ගෘහස්ථභාවය නැත්නම් ගෙදරටම කොටුවෙලා ගෙවන ජීවිතය දවසක ප්‍රේමය විනාශ කර දැමීමට හේතුවක් වෙන්නත් පුලුවන්.කොහොම වුණත් ඕනම අවස්තාවකට මුහුණ දෙන්න ,අසරණ නොවී ඉන්න කාන්තාවකට මූල්‍යමය වශයෙන් ස්වාධීනත්වයක් තිබීම සහ ඔබේම නිවසක් තිබීම ඉතා වැදගත්”

ඇය කියනවා

මගේ පුතා දවසක් මගෙන් ඇහුවා ..

එයා නියපොතු වල පාට ගාන්නද කියලා”

මම එයාට කිව්වා පුතේ ඔයා ලොකු වෙන්න . ඊට පස්සේ ඔයාට කැමති ඕන දෙයක් කරන්න පුලුවන්” කියලා.

වෙනසක් නෑ, මට දුවෙක් ඉදලා එයා මේ ප්‍රහ්නේ ඇහුවත් මම දෙන උත්තරේ ඕකමයි.

මට අනුව නිය ආලේපන කියන්නේ ලමයින්ට තියන දෙයක් නෙවේ.

ඒත් ලොකු වුණාම එයාලට ඕන විදියට ජීවත් වෙන්න ඕන දෙයක් කරන්න අයිතිය තියනවා.

මට දුවෙක් ඉදලා එයා මේ ප්‍රහ්නේ ඇහුවත් මම දෙන උත්තරේ ඕකමයි.මට අනුව නිය ආලේපන කියන්නේ ලමයින්ට තියන දෙයක් නෙවේ.ඒත් ලොකු වුණාම එයාලට ඕන විදියට ජීවත් වෙන්න ඕන දෙයක් කරන්න අයිතිය තියනවා.

“මිනිස්සු අදින්න ඕනේ තමන් අදින්න කැමති දේ..

මිනිස්සු වෙන්න ඕනේ තමන් වෙන්න කැමති කෙනා..

අපි ජීවත් වෙන්නේ මිනිස්සු බිලියන හතකට වැඩියෙන්

ජීවත් වෙන ලෝකෙක ..

මෙතන ඉන්න මිනිස්සු එකකට එකක් වෙනස් ..

ඒකට කමක් නෑ!!!

සන්සුන් වෙන්න ..ඒකට කමක් නෑ!!!

මිනිස්සු වෙනස් හිතන්නේ වෙනස් විදිවලට

ඒකට කමක් නෑ..!!

ඔයාල එයාල එක්ක එකග වෙන්න ඕනේ නෑ

එයාල ඔයා එක්ක එකග වෙන්න ඕනෙත් නෑ..

කැමති විදියට ජීවත් වෙන්න

අනිත් අයටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න

අපි එකිනෙකා අතර තියන වෙනස්කම් ඉවසීම කියන දේ අද සමාජයට අවශ්‍යම දෙයක් ..

මේ වනවිට 41 වන වියේ පසුවන කොන්කොනාගේ ඉන්ස්ටර්ග්‍රැම් පිටුවට රසිකයෙක් මෑතක අපූරු කමෙන්ටුවක් එක් කර තිබුණා ..

“ඔබ මේ විදියට වයසට ගිහින් සිටීමදකින එක කණගාටුවට කරුණක්.පාසල් වියේදී මා ඔබට පෙම් කලා.අපේ බොලිවුඩ් කර්මාන්තය ඔබ වැනි කලාකාරිණියන්ට කිසිදාක සාදාරණයක් කලේ නෑ.

කොන්කොනා ඊට හරි අපූරු පිලිතුරක් දී තිබුණා..

“අනේ …දුක් වෙන්න එපා ! ශෝකජනක ලෙස තරුණ වියේදීම මිනිසුන් මිය යන සමයක වයස්ගත වීම කියන්නේ මා ලද වරප්‍රසාදයක් !”

————————————————————————————– ———————————

#පසුසටහන

ඕනෑම වෘතියක සාර්තක මිනිසුන්ගේ ජීවන කතාන්තර කියන්නේ ඊලග පරපුරට ඉහලම ආදර්ශ සහ උත්තේජ සපයන යමක්. ඒ අරමුණෙන් ඔවුන්ගෙන් අපට ගතහැකි ආදර්ශ හෝ යහපත් දෑ ,ඕපාදූප ,උපකල්පන වලින් බැහැරව පෞද්ගලික විනිශ්චයකින් හෝ අදහස් දැක්වීම් වලින් තොරව, ඔවුන්ම විවිධ අවස්තාවල කල ප්‍රකාශ එක්කොට මෙම සටහන නිර්මාණය කරන ලදි.

#PDSSD


සිනමාවේදීන් – The Cinema People සමුහයේ “සතියේ හොඳම ලිපි” ඛාණ්ඩයට අයත් වෙමින් විශේෂ ඇගයීමකට ලක් වූ මෙම අපුරූ සටහන ලියන්නේ ස්වර්ණරේඛා සෙව්වන්දි,

https://www.facebook.com/groups/thecinemapeople/permalink/1583628255310902/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *