ගී පද රචක, සම්මානනීය අධ්‍යක්ෂක මහාචාර්ය විශාරද සුනිල් ආරියරත්න මහතා
1949 ජූලි 28 වන දා නුගේගොඩ දී මෙලොව එළිය දුටු සුනිල් ආරියරත්නට සහෝදර සහෝදරියෝ පස්දෙනෙක් වූහ. සුනිල් ආරියරත්න පාසල් දිවිය ආරම්භ කළේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙනි. පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියූ සුනිල් ආරියරත්න ජයවර්ධනපුර සරසවියට සරසවි වරම් හිමිකර ගත්තේය. 1971 දී සිංහල පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ලබාගත්තේය. පසුව එතුමා 1972 දී කැලණිය සරසවියේ තාවකාලික කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසු ඔහු 1975 සිට 1976 දක්වා කැලණිය සෞන්දර්ය අධ්‍යයන අංශයේ අර්ධකාලීන කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළේය. 1976 දී සිංහල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයට ගිය සුනිල් ආරියරත්න එහි වසර 3 ක පමණ කාලයක් එහි සේවය කළේය. පසුව නැවත සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරිමට කැලණි සරසවියට පැමිණියේය. 1985 දී සුනිල් ආරියරත්න ජයවර්ධනපුර සරසවියේ අධ්‍යයන මණ්ඩලයට සම්බන්ධ වූ අතර එහිදි ඔහු සහකාර මහාචාර්යවරයෙකු ලෙස උසස් වි 1994 දී මහාචාර්යවරයෙකු බවට පත්විය. රටේ පැවති අයහපත් වාතාවරණයක් නිසා සිංගප්පූරුවට ගිය අතර එයින් තමිල්නාඩුවට ගිය අතර එහිදී ඔහු දෙමළ භාෂාව ඉගෙන්නා ගත්තේය. එසේම ඔහු සංගීත විශාරදයෙකු බවට ද පත්විය. සිය ගීත කලාව ඔපමට්ටම් කර ගැනීමේ අරමුණින් ඔහු විශාරද පාඨමාලාව හැදෑරුවේය. 2011 දී ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය පිළිබඳව ආචාර්ය උපාධියක් ද ලබාගත්තේය. සාහිත්‍ය හා කලා ක්ෂෙත්‍රයේ ඔහුගේ දායකත්වය අගයමින් 2015 දී ඔහුට දෙවන සාහිත්‍ය ආචාර්ය උපාධිය පිරිනමන ලදී.
සුනිල් ආරියරත්න පාසල් වියේ සිටම කලාවට, සාහිත්‍යට, සිංහල භාෂාවට ඇලුම් කළ සිසුවෙකි. කුඩා කල සිටම ඔහුගේ අභිප්‍රාය වූයේ විශ්වවිද්‍යාලය ආචාර්යවරයෙකු වීමයි. එම අභිප්‍රාය සුනිල් ආරියරත්න සාක්ෂාත් කරගෙන ඇත. සිය මෑණියන්ගේ සොයුරා සුනිල් ආරියරත්නගේ මාමා එකල නවගමුව පත්තිනි දේවාලයේ කපු මහතෙකි. කුඩා කල ඔව්හූ සිය මාමා සමග ශාන්ති කර්ම නැරඹීමට ගියහ. ඔවුන් එම ශාන්ති කර්ම නරඹා පසුදා එහි තිබූ නැටුම් ආදිය අනුකරණය කරන ලදී. සුනිල් ආරියරත්න ආසම නර්තනාංග වාහල අංගයයි. එම වාහල නර්තනාංග ද ඔහු අනුකරණය කළේය. එය දුටු මාමා පුංචි බෙරයක් ගෙනැවිත් දෙන අතර එම බෙරය සිය පවුලටම කලාව රැගෙන ආවේ එම බෙරයයි.
සිය වැඩිමහල් සොයුරා නාට්‍ය පිටපතක් රචනා කළ අතර එය ‘අමල් බිසො’ නම් නාට්‍යයයි. එය නිෂ්පාදනය කළේ පුංචි සුනිල් ආරියරත්න විසිනි. ඔහු ද එම නාට්‍යයේ රංගනයේන් දායක විය. එතැන් සිට නාට්‍ය පිළිබඳව ඇල්මක් සිත තුළ ඇති වූ අතර ‘අමල් බිසො’ තුළින් නව පන්නරයක් ද ඔහුගේ ජීවිතයට ලැබිණි. ඉන්පසු සුනිල් ආරියරත්න හැකි සෑම අවස්ථාවකම ලුම්බිණි රඟහලේ නාට්‍ය නැරඹීමට ගියේය. එසේම ඔහු රාත්‍රියේ සිය පියා නිදා ගත් පසු ඔහුට හොරෙන් චිත්‍රපට නැරඹීමට ගිය අතර සිය මව පසුව ඔහුට නිවසට පැමිණිමට දොර අගුළු නොදා තැබුවාය. ඔහුගේ පියා ඔහු කලාවට යොමුවනවාට අකමැති විය. ඒ ඔහු අධ්‍යාපනය අත හරී යන බිය නිසාය. නමුත් සිය මෑණියෝ ඔහුට උපකාර කළෝය. ඔහුට කියවීම හුරු කළේ සිය පියා විසිනි. කියවීම සුනිල් ආරියරත්නගේ ජීවිතයේ කොටසක්ය.
1967 දී නැවත ඔහුගේ සහෝදරයා ‘දෙන දෙයියෝ’ නමින් පිටපතක් රචනා කළ අතර එය ද නිෂ්පාදනය කළේ සුනිල් ආරියරත්න විසිනි. එම නාට්‍ය සමස්ත ලංකා නාට්‍ය තරගයේ අවසන් නාට්‍ය 7ට තේරි පත්විය. ඒ පිළිබඳව පුවත්පත් වල ද විස්තර පළවිය. එයින් ඔහුට ප්‍රසිද්ධ වේදිකාවට මංපෙත් විවර විය.
පසුව ‘අහිංසකයෝ’ නමින් පොතක් මුද්‍රණය කළ අතර එය ද ජනප්‍රිය විය. පසුව ‘අලකේෂ්වර’ නමින් ඓතිහාසික නවකතාවක් රචනා කරන ලදී. පසුව ‘අපි ඔක්කොම’ නමින් තවත් පොතක් රචනා කළ අතර ‘සියොතුන්ට රැකවල්’ නමින් කවි පොතක් ද පාසල් වියේදීම රචනා කළේය. සිය වැඩිමහල් සොයුරා සුනිල් ආරියරත්නව කලාවෙන් පෝෂණය කළ අතර සුනිල් ආරියරත්නට සිය උපරිම සහයෝගය ඔහු ලබා දුන්නේය.
මහාචාර්ය සුනන්ද මහෙන්ද්‍ර මහතා ගුවන් විදුලි ගීත නාටයක පිටපතක් රචනා කිරිමට සුනිල් ආරියරත්නට අවස්ථාවක් ලබා දුන්නේය. සුනිල් ආරියරත්න ‘කඩුපුල් උයන’ නමින් ගීතා නාටකයක් රචනා කළේය. ඔහුගේ ගීත කලාවේ හැරවුම් ලක්ෂය සනිටුහන් වූයේ ද ‘කඩුපුල් උයන’ තුළිනි.
පාසල් සමයේදී ගුණසේන ගලප්පත්ති මහතාගේ නාට්‍යක සහය නිෂ්පාදක වූවේය. ඒ ගුණසේන ගලප්පත්ති මහතා සුනිල් ආරියරත්න අධ්‍යාපනය ලබන පාසලේ ශාලාවක නාට්‍යක් පුහුණු කළ අතර සුනිල් ආරියරත්න හැමදාම එය පුහුණු කරන අයුරු නැරඹූ අතර පසුව ඔහු ගුණසේන ගලප්පත්ති මහතාට සහය වූවේය. එම නිසා එතුමා පුංචි සුනිල් ආරියරත්නව එම නාට්‍යයේ සහය නිෂ්පාදක තනතුර පිරිනැමූ අතර එය පුවත් පත් වලද පළවිය.
ඒකාකාරී ගුවන් විදුලි ගීත වලින් මිදී වෙනස් ගීත රචනා කිරීමට අවශ්‍ය බව ඔහුගේ සිත තුළ නිතරම වද දුන් කරුණකි. පසුව ඔහු ගීත රචනා කළ අතර ඉන් අතිශය ජනප්‍රිය වූයේ ‘සකුරා මල් පිපිලා ‘ ගීතයයි. එය ඔහුගේ ගීත කලාවේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි.
1970 දී කෙටි චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තම සොයුරාගේ කැටය කඩා රුපියල් දහදායක් ලබාගෙන ‘සරාගී’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී. එය ‘නිම් වලල්ල’ සමග ප්‍රදර්ශනය කිරිමට ද අවස්ථාව හිමිවිය.
නැවත 1976 දී Y.M.කරුණාතිලක මහතා ඔහුට කෙටි චිත්‍රපටයක් කිරිමට ඇරයුම් කරන ලදී. එය ඔහුගේ දෙවන කෙටි චිත්‍රපටයයි. එය ‘දුෂ්කරක්‍රියා’ නම් වේ. ඔහු මෙම කෙටි චිත්‍රපට නිර්මාණය කර විශාල අත්දැකීමක් ලබාගත්තේය.
පසුව සුනිල් ආරියරත්න මහතාගේ පළමු චිත්‍රපටය ලෙස 1978 දී ප්‍රදර්ශනය වූ ‘අනූපමා’ චිත්‍රපටය හැදින්වේ. ‘අනූපමා’ චිත්‍රපටයේ ඇලරික් ප්‍රනාන්දු මහතා සහ විජය කුමාරතුංග මහතා, මාලනී ෆොන්සේකා මහත්මිය සම නිශ්පාදකවරුන් ලෙස කටයුතු කළහ. සුනිල් ආරියරත්නව ‘අනූපමා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට යොමු කරන්නේ K.D.දායානන්ද මහතා විසිනි. සුනිල් ආරියරත්න වර්තාවක් ද පිහිටුවන ලදී. ඒ 1978 දී ‘අනූපමා’ ප්‍රදර්ශනය කරන විට ඔහු විසින් චිත්‍රපට 10 ක් සිදුකර අවසන් විමයි. එය විස්මය දනවන කරුණකි.
සංගීත පිළිබඳව පර්යේෂණ කිරිමට ගී පද රචනයට සංගීතය අධ්‍යනය කිරිමට සංගීත පිළිබඳව ගැඹුරට හැදෑරීමට ඔහුට අවශ්‍ය විය. එම නිසා ඔහු ප්‍රේමදාස මුදුන්කොටුව මහතා යටතේ සංගීතය හදාරා සංගීත විශාරදයෙකු විය. සුනිල් ආරියරත්න පිළිබඳව කතා කරන විට ඔහු නිර්මාණය කළ ගීත ගැන කතා නොකර බැරි කාරණයකි. ඔහු අන් පුද්ගලයන් ඇසුරු කළ ලබා ගන්නා අත්දැකීම් තුළින් ගීත නිර්මාණය කරන බව ඔහු පවසන ලදී. ඔහු මවන ගීත ජනතාව අතරට රැගෙන යාමේ භාරධූර කාර්යය සිදු කළේ ගී ලොවේ කෝකීලාව වූ නන්දා මාලිනී මහත්මිය විසිනි. සුනිල් ආරියරත්නගේ ගීත වලට ජීවය දුන්නේ ඇයයි. එතුමිය ඔහුගේ විප්ලවීය ගීත අති සාර්ථකව මිනිසුන් අතරට රැගෙන යන ලදී. සුනිල් ආරියරත්න සාම්ප්‍රදායික ගීත කලාවෙන් මිදුණු ගී පද රචකයෙකි. විජය කුමාරතුංග සහ නන්දා මාලිනී ඔහුගේ ගීත සිය මියුරු රාවයෙන් පණපොවන ලදහ.
සුනිල් ආරියරත්න නිර්මාණය කළ චිත්‍රපට වලින් විශාල අභියෝගයක් වූ චිත්‍රපටය වන්නේ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයයි. එහි වැඩ ආරම්භ කළ මොහොතේ සිට එයට දැඩි විවේචන එල්ල විය. එයට හේතුව විජය කුමාරතුංග එහි ප්‍රධාන චරිතය නිරුපණය කළ නිසා බව සුනිල් ආරියරත්න විසින් පවසන ලදී.
සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ තිස්ස අබේසේකර තිර රචනය කළ ‘කුස පබා’ චිත්‍රපටය ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයකි. එය අතිශය සාර්ථක විමේ රහස සුනිල් ආරියරත්නගේ සහ තිස්ස අබේසේකරගේ අදහස් ගැළපීම බව ඔහු සදහන් කරන ලදී.
‘විජයබා කොල්ලය’ චිත්‍රපටය ඔහු ආසාවෙන් සිදුකළ චිත්‍රපටයකි. ඔහු කුඩා කල සිටම විජයබා කොල්ලය පිළිබඳව අධ්‍යයන කර ඇත. ඔහු කුඩා කල රචිත ‘අලකේෂ්වර’ නම් කෘතිය රචනා කළේ ද විජයබා කොල්ලය පිළිබඳවයි.
එසේම සුනිල් ආරියරත්න දෙමළ පොත් ද රචනා කරන ලදී. දෙමළ සාහිත්‍ය ඉතිහාසය, දෙමළ චූල සාහිත්‍ය කෘති නාම කෝෂය, දෙමළ ජනකතා, දෙමළ රාමායනය, දෙමළ සිංහල හෝඩි පොත, දෙමළ අකුරු ලිවීම, දෙමළ බෞද්ධයා ආදි දෙමළ පොත් 10 පමණ ඔහු විසින් රචනා කරන ලදී.
සුනිල් ආරියරත්න විසින් 1978 ‘අනූපමා’ චිත්‍රපටයේ සිට ‘පත්තිනී’, ‘අලි කතාව’, ‘යශෝදරා’, ‘විජයබා කොල්ලය’ ආදී චිත්‍රපට 25ක් පමණ නිර්මාණය කර ඇති අතර ගීත 400 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. අතිශය ජනප්‍රිය ගීත , චිත්‍රපට ද අග්‍රගණ්‍යයේ කෘති ද ලාංකික ජනතාවට දායාද කළ සම්මානනීය කලාකරුවෙකි. සම්මාන පිට සම්මාන හිමි කරගත් දක්ෂ කලාකරුවෙකි. ඔහුගේ නිර්මාණ පිළිබඳව එකින් එක විස්තර කිරීමට නොහැකි තරම් අතිවිශාලය. එවා පිළිබඳව විස්තර කර අවසන් කළ නොහැක.
—#Awards•—
Wishwa Prasadini Award
Vidyodaya Vibhushana
Honorary name
Sahithya Kala
Shiromani Honorary award
Kamban Award
තවත් යුග ගණනාවක් මහාචාර්ය විශාරද සුනිල් ආරියරත්න මහතාගේ ගීත චිත්‍රපට නොමැකී පවතින බව නොරහසකි. එසේම මහාචාර්යතුමනි ඔබට තවත් වසර ගණනාවක් හෙළ කලා කේත පෝෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
සටහන : දිනිත ජයරත්න