හෙළ සිනමාවේ විකට රජු ලෙස හඳුන්වනු ලැබූ ඔහු උපන්නේ 1938 පෙබරවාරි 6 වෙනිදා. හල්පේ ලියනගේ අතුකෝරල මොරිස් ජෝසෆ් රණබාහු නමින් මොරටුවේ උපන්නද, පසු කලකදී සිනමාවේ රාජාභිෂේකය ලැබුවේ ෆ්‍රෙඩී සිල්වා නමින්. ඩී .බී නිහාල්සිංහයන්ගේ ‘තරුණ විය’ නම් වාර්තා චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙමින් ෆ්‍රෙඩි මුල් වරට සිනමාවට පිවිසුණා. ඇලන්සන් මෙන්ඩිස් ලියූ ‘බාර් බාර් බාර්’ ගීතයෙන් ගායන ලොවට පිවිසි ෆ්‍රෙඩි ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් බවට පත්වූයේ ජෝ දේව් ආනන්ද් ගේ සුජීවා චිත්‍රපටයෙන්.
ඒ අලුත් කලාවක් සොයා ගත්තා මං ගීතය ගයමින් රඟ දැක්වූ චරිතය නිසයි. විකට තරුවක් වීමට අමතරව නම් කළ නොහැකි බොහෝ චිත්‍රපට සංඛ්‍යාවකට ෆ්‍රෙඩි එකල පසුබිම් ගීත ගායනා කළා. 80 දශකයේ ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් තිරගත වුණා. 2001 වසරේ ඔහු මිය යන තෙක් චිත්‍රපට 200 කට වැඩි ගණනකින් ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ සිනහව ඉතිර වූ නිසා හෙලවුඩයේ විකට රජු ලෙසින් ෆ්‍රෙඩි අභිෂේක ලැබුවා.
මෙවර අපි ඔබට ගෙන එන්නේ විකට රජුගේ සිනමාපට 5ක්.
- චෙරියෝ කැප්ටන්
- ඔක්කොම කණපිට
- මහදැන මුත්තා
- කැකිල්ලේ රජ්ජුරුවෝ
- ඇර සොයිසා
මේ සියල්ල ඔබ නිවසේ රැඳෙන මැයි මාසයේදී.