ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට එක්වූ නවතම සිනමා ශාලාව “අමුදා”….

නවීනතම තාක්ෂණික හා ශබ්ද උපාංගයන්ගෙන් සමන්විත වන නව සිනමා ශාලාවක් පසුගිය මාර්තු 15 වෙනිදා වව්නියාවේදී විවෘත විය.

“අමුදා සිනමා” (Amutha Cinema) ලෙසින් නම් තබා ඇති මෙම සිනමා ශාලාව 3D තාක්ෂණයෙන් සමන්විත වේ. එසේම වායුසමනය කළ සිනමා ශාලාවකි.

15 වෙනිදා ප.ව 5.30 ට යෙදුණු සුබ මොහොතින් විවෘත වූ “අමුදා සිනමා” ශාලාව, 16 වෙනිදා සිට මහජනතාවට විවෘත විය. ඒ අනුව 16 වෙනිදා සිට තිරගත වුණු ඉන්දීය දමිළ භාෂිත “චක්‍රා” සිනමාපටය මෙම සිනමාහලේ වාණිජව තිරගත වූ පළමු සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක් විය.

“අමුදා සිනමා” ශාලාව, දමිළ චිත්‍රපට ප්‍රදර්ශනයෙහිලා මෙරට ක්‍රියාත්මක වන්නාවූ පැරණිතම සිනමා සමාගමක් වන ” STR Films” ආයතනයට අයත් 07 වෙනි සිනමා ශාලාව වේ.

සිය 60 වෙනි සංවත්සරය සමරන “STR Films” සමාගම යටතේ රාජා සිනමා 1- යාපනය, රාජා සිනමා 2- යාපනය, වසන්ති- වව්නියාව, සරස්වතී- ත්‍රිකුණාමලය, ශාන්ති- මඩකලපුව, සුගන්ධි- මඩකලපුව හා අමුදා සිනමා- වව්නියාව යන ශාලා ක්‍රියාත්මක වේ.

අමුදාහී දර්ශන වේලාවන්: පෙ.ව 10.30/ ප.ව 2.30/ ප.ව 6.30



Leave a Reply

Your email address will not be published. Required fields are marked *