“පාට ගෑව හීනයක්” ළඟදීම රිදී තිරයට

පාට ගෑව හීනයක් – ළමා චිත්‍රපටයක්

කතා සංකල්පය – මව් පිය සෙනෙහස අහිමිව වැඩිමහල් සහෝදරියක් සමග කල් ගෙවන පුංචි දැරියක් වටා මේ කතාව ගෙතෙනවා. දැරිය ජිවත් වන්නේ ගමක.කාලයාගේ ඇවෑමෙන් ඇගේ සහෝදරිය මෙලොව හැර යනවා. ඉන්පසුව ඇයට සිදුවන අපුරූ සිදුවීමක් තමයි මේ කතාවේ තිබෙන්නේ.
මෙහි ප්‍රධාන චරිතය – ක්ලාරා අතපත්තු ( වයස 10)

ධාවන කාලය – පැය එකයි විනාඩි 40 යි.

කතාව,දෙබස්,තිර රචනය සහ අධ්‍යක්ෂණය – ඉෂාන් ඩී වඩුගේ

කැමරාකරණය – භානුක විදානගමගේ

නිශ්පාදනය – R.නුවන් මධුෂංක

සංස්කරණය – තාරුක දිල්ශාන්

සංගීතය -තරිදු විද්‍යානන්ද

රංගනය – ජනක් ප්‍රේමලාල් , රංජිත් රූබසිංහ , රත්නා සුමනපාල, බුද්ධි රණ්දෙණිය, ක්ලාරා අතපත්තු ( හදුන්වාදෙන ළමා නිළි ) ආරාධ්‍යා දිනේශා රණවීර, මලිස තුල්නෙත් ( හදුන්වාදෙන නලු ) නෙත්මි බණ්ඩාර , සිතාරා මිහිරාණි, පවන්ත මධුසංක , තුවාන් මොහොම්ඩ්.

සෙසු ළමා චරිත – තිසත් දිනුල්ක හෙට්ටිආරච්චි , දිනුති තිලෝක්‍යා, හෙට්ටිආරච්චි, පවින්ත සන්හීත් මාතරගේ,
නිතිනි නිම්සරා.

ඉදිරිපත් කිරීම – YUME SKY FILMS PRODUCTION

දර්ශනතල – බණ්ඩාරගම , බුලත්සිංහල ,හොරණ,පාදුක්ක, බෝපේ, අතුරුගිරිය ,

“පාට ගෑව හීනයක්” ළමා චිත්‍රපටය ගැන අදහස් දක්වමින් කතාව,දෙබස්,තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ඉෂාන් ඩී වඩුගේ කියා සිටියේ…

ජනවාරි මස පටිගත කිරිම් සිදුකරා. මාස එකහමාරක් වගේ කෙටි කලකින් චිත්‍රපටයේ මුලික වැඩ අවසන් කරා. රිදී තිරයට ලබාදෙන්න ප්‍රථමයෙන් මං කරපු එක අත් හදා බැලීමක් විදිහට මේ නිර්මාණය හදුන්වාදෙන්න පුලුවන්. කොරෝනා වසංගත හේතුවෙන් නිවසේ සිටම නැරඹීමට අපි සියළු කටයුතු සූදානම් කරලා ඉවරයි.ඉදිරියේදී තවත් නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙනයන්න අනාගතයේ දිනක හිතනවා, ලංකාවේ සිනමා කර්මාන්තය නගාසිටවන්න උත්සහ කරනවා. ශ්‍රී ලාංකිය ප්‍රථම අඩු වයස් නිශ්පාදන කණ්ඩායම අප සතුයි, අපේ පළමු රිදි තිරයට යොමු කරන්න ලැබීම සතුටුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *