සිනමාවටත් දැන් “Passport”

Passport එකට Visa වදින්නට නියමිතයි.

පාස්පෝට් කියන්නෙ සිoහල සිනමාවට එන්න තියන තවත් චිත්‍රපටයකි. මෙය ලoකාව, ඉන්දියාව හා ඉතාලි යන රටවල් තුනේම රූ ගත කරන ලද තරමක් දැවැන්ත ගනයේ නිර්මාණයකි.

ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා, දර්ශන් ධර්මරාජ්, මල්කාන්ති ජයසින්හ, නයනතරා වික්‍රමාරච්චි, අතුල ජයසින්හ, රොෂාන් පිලපිටිය ඇතුලු මෙරට ප්‍රවීන හා නවක නලු නිලියන් රැසක් සමග අප්‍රිකාණු රන්ගනශිල්පීන්ද මෙහි රන්ගනයෙන් දායක වෙයි.

කදුකරයේ ජීවත්වන තරුණයින් දෙදෙනෙකුගේ යුරෝපා සිහිනය වටා ගෙත්තම් උනු මෙම සිනමාපටය බොහෝ බාදක කම්කටලු මැද නිර්මාණය වූවක්.
තරුණයා කිසිවකින් නොසැලෙන තරුණ ජවයකින් යුතු අමරේ (ජගත් චමිල) කුඩාකල සිටම ඔහු දකින යුරෝපයට යෑමේ සිහිනය සැබෑකරගැනීමේ ඒකායන අරමුනින්ම කටයුතු කරන අතර ඔහුගේ ප්‍රාණ සරි මිත්‍ර සමන් (ධර්මප්‍රිය ඩයස්) අමරේ කියන ඕනෑම දෙයකට සූදානමින් සිටින අතර ජීවිතේ පිලිබද ගැඹුරින් නොසිතන සැහැල්ලු සෙල්ලක්කාරයෙකි. අමරෙගේ ආදරයම පමනක්ම පතාගෙන ඔහු වෙනුවෙන්ම ජීවත්වන නිලා ( නයනතරා වික්‍රමාරච්චි) තමන්ගේ ආදරය දේවත්වයෙන් අදහමින් ලයින් කාමරයේ අම්මා නැතිව තාත්තාගේ ඇල්ම බැල්මේ හැදී වැඩුන කොසලන්ද වත්තේම සිටින රූමතියයි. ඇය කෙරෙහි බැදුනු කෑදර කමකින් යුතුව ඈ වටා කැරකෙන වත්තේ ටී මේකර් ( රොෂාන් පිලපිටිය) කල්යල් බලා ඇය ගොදුරක් කරගන්නට උත්සහා දරයි. කදුකරයේ කොස්ලන්ද මීරියබැද්ද නායයාමත් සමග වෙනස්වන ජීවිත අතරට වැටෙන අමරෙ හා සමන් ගිනි පොලියට සල්ලි ගෙන රහසින්ම බෝට්ටුවකට නගින්නේ ඉතාලි හරහා යුරෝපයට පැනයාමේ අරමුනෙනි. ඔවුන්ගේ බෝට්ටු ගමන කෙලවර වන්නෙ ඉතාලියෙන්ද නැතිනම් වෙනත් කොහේ හෝ තැනකින්ද යන වග චිත්‍රපටය නරඹන ප්‍රේක්ශකයාට ඒත්තු ගන්වන්නේ ඔවුන් පිලිබද අනුකම්පාව මෙනම සිනහවක්ද උපදවමිනි.

කෙසේ හෝ UK යනවා යැයි අරමුණින් සිටින අමරේ සහ සමන්ට කොළඹ කුප්‍රකට ඒජන්සි කාරයකු (මහේන්ද්‍ර පෙරේර) මුනගැසීමත් සමග බලාපොරොතු සපලකරගත හැකි වෙනවා. සිය ආදරය දිනූ නිලාගෙන් සහ කදුකරයෙන් සමුගෙන අමරේ සම්න් සමග ගුවන් ගතවන්නේ ඉතාලි හරහා uk වලට යෑමේ බලාපොරොත්තවෙනි. දයිවයේ සරදමක් ලෙස ගුවන් තොටුපලේ දී ගලිවර් (දර්ශන් ධර්මරාජ්) මුනගැසෙන්නේ සෑම දෙයක්ම් උඩු යටිකුරු කරමිනි. සමන්ට හා අමරෙට uk වලට යාමට හැකිවේද….? මහා වාලුකාවක අතරමන් වන්නට සිදුවේවිද…..? දෙදෙනාටම හෝ එක් අයෙකුට මියයන්නට සිදුවේවිද…..? ගලිවර්ට කුමක් වේවිද …..? අප්‍රිකානු කොල්ලකරුවන්ගේ සම්බන්දය කුමක්ද….. අමරේ මත්තේම නහින්නට හදන නිලාගේ ඉරණම කුමක්ද…. මේසියල්ලටම පිලිතුරු ලැබෙන්නේ පාස්පෝට් රිදී තිරය මත දිගහැරුණු පසුවය.

පාස්පෝට් චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන්

අධ්‍යක්ෂණය – ක්‍රිස් ඇන්ටනී
නිෂ්පාදනය – කන්දික
කැමරා අධ්‍යක්ෂනය – ප්‍රියන්ත මලවිගේ
විශ්වජිත් කරුණාරත්න
රේඛීය නිශ්පාදනය – ලලිත් වරුණ රාජපක්ෂ
කලා අධ්‍යක්ෂනය – අරුණ ඩයස්
ඇදුම් නිර්මාණය – සවන් පවිත්‍ර
සන්ගීත අධ්‍යක්ෂනය – ඩෙන්සිල් සේනාදීර
අංග රචනය – රුචිර සන්ජීව
නිශ්පාදන කළමනාකරණය – R සර්වන් – ප්‍රසාද් ඇන්ටනී
සහය අධ්‍යක්ෂණය – ප්‍රනීත් ගුණරත්න – නිරෝෂන් එදිරිමාන්න – මාලන් හොම්ස්
සංස්කරණය – ශාන් අල්විස්
ගීත රචනා – නිලාර් එන් කාසීම් – කැලුම් ශ්‍රීමාල් – ලලිත් වරුණ රාජපක්ෂ
කැමරා උපකරණ – සුරාන් බෝපිටිය – ඩිල් ෆිල්ම්ස්
තාක්ෂණික උපකරණ – FEG – Cinepro

  • ලලිත් වරුණ රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *