“ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා පෙළහර”


වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය ජයගත් ජනප්‍රිය රංගන ශිල්පියකු සේම ගායකයෙකු, තිර පිටපත් රචකයකු, අධ්‍යක්ෂකවරයකු ලෙසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ කැපී පෙනෙන දක්ෂතා ඇති කුමාර තිරිමාදුර පිළිබඳව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. 

කුමාර තිරිමාදුර කියන්නේ, හාස්‍ය රංගනයටම පමණක්ම සීමා නොවී විවිධ චරිත නිරූපණය කරමින් ප්‍රේක්ෂකයින්ට සමීප වූ රංගවේදියෙක්.

එය එසේ වුවද ඔහුගේ කලා ජීවිතය ගැන ආපසු හැරී බැලීමක් කරන්නට හිතුවේ ඔහු මේ වෙද්දී කලාවට ඇවිත් 35වන වසර සැමරීම නිසාවෙනි.

මාලනී මියුරින් පෙරේරා මාතාවට සහ තිරිමාදුරගේ රැන්ටින් ද සොයිසා පියාණන්ට දාව කුමාර තිරිමාදුර සහෝදරයන් 03 දෙනෙකු සහ සහෝදරියන් 05 දෙනෙකුගෙන් යුත් පවුලක 06වන දරුවා ලෙස මෙලොව එළිය දුටුවේ කලාකරුවන් රැසක් බිහිවූ මොරටුව ගමේ ය.

කුමාර තිරිමාදුර රාවතාවත්ත රෝමානු කතෝලික විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ලැබිය.

1985 ජුලි මස 07වන දින ජගත් මාරසිංහගේ “පරවේණි” වේදිකා නාට්‍ය තුලින් කලාවට පිවිසි කුමාර තිරිමාදුර හොඳම ගායකයාට හිමි පළමු සම්මානයෙන් පිදුම් ලැබුවේ වයස අවුරුදු 14දී ක්‍රිස්තියානි සභාවෙනි.

පන්සලේ සහ දේවස්ථානයේද ඔහු ඉරුදින දහම් පාසල්හි අධ්‍යාපනය ලැබීය.

ඒ නිසාම ඔහු 1984දී විහාරස්ථානයේ පවතී නාට්‍ය උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගන්නා අතර, එහි විශේෂත්වය වූයේ ප්‍රවීන කලාශුරි විජය කුමාරතුංගයන් අතින් සම්මාන ලබා ගැනීමයි.

එදින විජය කුමාරතුංගයන් විසින් ඔහුගේ හිස අත ගා “පුතා දහම් පාසලේ විතරක් නෙවෙයි, මතු දිනෙක මේ රටේත් හොඳම නළුවා වෙන්න” යැයි ආශිර්වාද කරනු ලැබීය.

ඉන්පසු රාජ්‍ය නාට්‍ය උළෙලේ ජනක් ද සිල්වාගේ “මට පුළුවන්ද මිනී මරන්න” නාට්‍යයේහි හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත විය.

තරුණ සේවා සභාව විසින් පවත්වන ලද නාට්‍ය උළෙලේ දී, “සාපේක්ෂ කෙටි නාට්‍ය” වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහි විශේෂත්වය වන්නේ අඩ හෝරාවක් තුළ වේදිකා ගත වන නාට්‍ය තුළ විනාඩි 04ක දර්ශනය සඳහා පෙනී සිටින ඔහුට බන්දුල ගුණවර්ධන සහ ජයලත් මනෝරත්න වැනි ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ එම සම්මානයට පාත්‍ර වීමයි.

සුනිල් චන්ද්‍රසිරිගේ “සමාවෙන්න වැරදීමක්” නාට්‍ය වෙනුවෙන් හොඳම වේදිකා පරිපාලනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලැබිය.

එමෙන්ම කුමාර තිරිමාදුර “සදා” ටෙලි නාට්‍ය හා සරත් ධර්මසිරි විසින් අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය සඳහා හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

“ගාමිණී” සිනමාපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානයද හිමි විය.

“තණ්හා රතී රඟා” සිනමාපටය වෙනුවෙන් හොඳම තිර රචකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ සිය කුළුදුල් තිර රචනාවට වීමද විශේෂත්වයකි.

එපමණක් නොව “ධර්ම යුද්ධය” සිනමා පටයේ පොලිස් නිලධාරියාගේ චරිතය වෙනුවෙන් ඒ වසරේ ශ්‍රී ලංකාව තුළ පවතී සියලුම සිනමා උත්සව වලින් හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත විය.

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ පවතී සම්මාන උළෙලේ දී ආසියාවේ හොඳම සිනමා පටය ලෙසද “ද නිව්ස් පේපර්” සිනමා පටය සම්මානයට පාත්‍ර විය. එම සම්මානය මෙරට ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් තිරිමාදුරයන්ව පාර්ලිමේන්තුවට කැඳවා ප්‍රදානය කරන ලදී.

රංගනයෙන් ගායනයෙන් කුසලතා දැක්වූ කුමාර තිරිමාදුර “මගේ ජීවිතය” නමින් ඔහු විසින් රචිත ග්‍රන්ථය පාඨකයින් උදෙසා පිළිගන්වනු ලැබීය.

මෙවන්වූ විශිෂ්ට රංග කුසලතාවක් විදහා දැක්වූ කුමාර තිරිමාදුර සිය කලා ජිවිතේ 35වන සැමරුම සනිටුහන් කරමින් සිනමාවෙන් සම්මානිත වූ සිනමාපට 5ක් සමඟ ” ඔටුනු නොපලන් කුමාරයාගේ දැනුනු සිනමා පෙළහර ” නමින් සිනමා උළෙලක් සංවිධාන කර තිබෙනවා.

මෙම උළෙල සංවිධාන කර තිබෙන්නේ කුමාර තිරිමාදුරගේ සමකාලීන මිතුරෙක් වන උපුල් නිශාන්ත.

මාර්තු 31න් පටන් ගන්නා මෙම චිත්‍රපට උළෙල අප්‍රේල් 04 දක්වා කොල්ලුපිටිය ලිබර්ට් සිනමාශාලාවෙදී පැවැත්වෙනවා.

ඒ දර්ශණ වාර 10:30 | 02:30 | 06:30 වශයෙන්.

මාර්තු 31 වන දා – ධර්මයුද්ධය

අප්‍රේල් 01 වන දා – ටවුමේඉස්කෝලේ

අප්‍රේල් 02 වන දා –ගාමනි

අප්‍රේල් 03 වන දා – තණ්හාරතිරගා

අප්‍රේල් 04 වන දා –ද_නිවුස්පේපර්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *