සිනමා ශාලාවට නැවත එන “හංස විලක්”

අද දවස ආරම්භ වුණේ ඉතා හොඳ ආරංචියකින්. ඒ අනුව “හංස විලක්” නැවතත් ලඟදීම සිනමා ශාලාවට එන පුවතක් අසන්නට ලැබුණා.

සිනමාපටය 2K තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මේ පහත දැක්වෙන පෝස්ටර් ඡායාරූපයෙන් එම ප්‍රතිනිර්මාණයේ ප්‍රතිභාව මනාව පැහැදිළි වනු ඇති.

“හංස විලක්” ලංකා ඉතිහාසයේ බිහි වූ විශිෂ්ට සිනමා කෘතියක්. Psychological Thriller Drama වැනි ශානරයන් ඔස්සේ මෙහි මූලික කතා ධාරාව දිව යනවා. 1980 වසරේ එලි දැක්වුණු “හංස විලක්” හි කතා ආකෘතිය එය නිකුත් වූ කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනා චිත්‍රපටයක් බවයි මගේ පෞද්ගලික හැඟීම. එය තරමක් මුදු, එහෙත් සංකීර්ණ කතාවක්.

ඉතින් මේ සංකීර්ණ අන්දරය නැවතත් සිනමාශාලාවේ නරඹන්නට ඔබත් සූදානම් වන්න. එය ඔබට ජීවිතය ගැන මෙන්ම සිනමාව ගැන ද පාඩමක් උගන්වනු නිසැකයි.

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්


මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉදුවර දියෙන් උපදින


නැවුම් වත්සුනු රොනින් මත්වී
නීල නිම්නය සුපුෂ්පිත වී
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා පවුරු සිඳි යහනේ

  • මහේල හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *