ශාරීරික මරණයකට කලියෙන් මස්තිෂ්ක මරණය වේගවත් වෙන ප්‍රාණයකට ඔබට ආදරේ හිතුණොතින්……?

භාෂාවන් මත නිර්මාණය වෙන සිනමානිර්මාණ අපිට එකිනෙකට සංසන්දනය කරලා තීන්දු තීරණ දෙන්න බැරිවෙන්ඩ පුළුවන්.⁣

මලයාලම් ,බොලිවුඩ් ,කොලිවුඩ් වගෙ සිනමා නිර්මාණ අපිට හුගක් තදට දැනෙන්ඩ ගන්නෙ ඒ දේවල් අපේ ජීවිතේට හුගක් සමීපයි වගෙ ගතියක් තැවරිලා තියෙන හන්දා ….

නමුත් විශ්වාස කරන්න ඇතැම් තූර්කි කතන්දර වල මම දකින විශේෂම කාරණාව මේ නිර්මාණ අපෙන් ටිකක්දුරට වහන් වෙලා තිබ්බට මේ නිර්මාණ අපෙ ඔළුකටු කුඩුකරන්න තරම් වේදනාවන්,අරගෙන එන්ඩ තරම් සූදානම්…රූප රාමුවකට වචන පේළි කීපයයි…නමුත් දැනෙන දැනිල්ල මං හිතන්නේ පැය ගානක් යනතුරුවත් වියැකිලා නොයාවී…..

මම මේ මොහොතෙදිත් ආයෙම ආයෙම මේ කතන්දරේ අස්සෙ තිබුණු ඇතැම් සිද්ධින් ආවර්ජනය කරන අතරතුර….

මේ ලෝකෙ මිනිස්සු දුර්වල කරන දෙයක් තියෙනවානම්,මනුස්ස පරාණයක් ආයෙම උපද්දවන දෙයක් තියෙනවනම් මම හිතන්නෙ ඒ තමයි ආදරය..ඒ තුලින් ඉපදෙන සැනසිල්ල, රිදිල්ල ඒ ගැන වචන කරන්ඩ තරමට මම පරිණත මට්ටමක මේ මොහොතේ නෑ…

ලෙයිලා…..බෝම සුන්දර තරුණියක්….වචනයේ පරිසමාප්තියෙන්ම ඇය මට සුන්දර තරුණියක්..මනුස්සයෙක්ට ආදරේ කරලා ඒ මනුස්සයා තනිකඩයෙක් නොවුණු බව දැනගත්තට පස්සෙ නවතින්ඩ ඕනය කියන තීරණයකට ආවම තුවාලයක් ශේෂ කරගන්ඩ සිද්ධ වෙච්ච තරුණියක්…

ඇය තමන්ගෙ වරද වෙනුවෙන් හිතේ ඉපදෙච්ච පශ්චාත්තාපය සුව කරගනු පිණිස ඔහුගෙ භාර්යාව හොයාගෙන ගිහින් ඇයගෙන් සමාව ඉල්ලන්න තරමට හිත එකග එකඟකරගෙන….

අතීතයෙ වේදනාවල් ශේෂ වුණාම තියෙන එකම විකල්පය තමන්ගෙ දෙමව්පියෝ විතරයි …අම්මලා ළඟ දරුවන්ට නොදෙන සමාවක් නැතිවුණාට තාත්තා කෙනෙක්ට ඒ අකුරු තුන වෙනුවෙන් බෝම පුංචි කාලයක් වැය කරන්ඩ සිද්ධවෙනවා…තමන්ගෙ ලොකු දුව වෙනුවෙන් ඔහු ආයෙමත් ධාරක ස්නේහයෙන් උප්පත්තිය ලබනවා…ජීවිතේ එහෙමයි ..

ගෑනු ළමයි තමන්ගෙ වේදනාවක් හෝ කේන්තියක් හිර කරගෙන ඉදලා බැරිම තැන ඒක පිට කරන්න විධියක් හොයනවා…කාගෙ පිටින් ගියත් කාරි නෑ වගෙ ලෙයිලත් එහෙම තැනකට එනවා..හොස්පිටල් එකේ වොෂ්රූම් එක තුළ අමතක වෙච්ච බෑග් එක අරගෙන මැරතන් තියද්දී දඩස් ගාලා වැහිච්ච දොර ඒ එක්කම ඇගෙ පිටුපසින් මැවෙන නන්නාදුනන්නාගෙ රූපය…ලෙයිලා වටපිටාව දෙවනත් වෙන්න යටිගිරියෙන් කෑගහන එක….

යකෝ මේකිගෙ සැර කියලා නොකියා කියන නන්නාඳුනන හාදයගෙ ඇස් ….දොර ඇරලා දුන්නට පස්සෙත් සැර දාලා යන ආඩම්බරකාරී….
බැදීම් …සමහර බැදීම් වලට නමක් නෑ..ඒ දේවල් ඇතිවෙන්න කාලයක් නෑ…ලෙයිලට අහඹුවක් නොවිච්ච අහඹුවකදි ආයෙමත් මේ හාදයා මුණගැහෙන්න හේතුව ඔහුගෙ රාජකාරිය කියලා හිතාගත්තත් කාරි නෑ….ලෙයිලාගෙ තාත්තා බොස් කෙනෙක් නම් නන්නාඳුනන්නා ගෘහනිර්මාණශිල්පියෙක්…

ඔහු නමින් ඉස්කෙන්ඩර් …බ්ලැන්කට් එකක් එක්ක කතන්දර මැවෙන එක…හොරකෙල්ල වගෙ හැංගි හැංගි ඔහු දිහා බලන් ඉන්නෙක…තනියම හිනාවෙන එක…
ආදරේ බෝවෙන්ඩ පටන් ගත්තහම ඉපදෙන රෝග ලක්ෂණ….

දෙන්නා ආදරවන්තයන් වෙන්න වැඩි කාලයක් යන්නෙ නෑ…සමාජ ක්‍රම වලදි මහ මිනිස්සු ළග තියෙන සමහර ලොකුකම් වලට ආදර කතන්දර වලට නැවතීමේ තිත තියන්න ඔවුන් තර්ජනය කරන දවස් එනවා..ලෙයිලගෙ ලවු එක අතේ මාට්ටු වුණාම ඔහුගෙ තීරණය ඒ ජාතියෙ එකක්…

හදිසියේම පිටත ඉන්න ලෙයිලව සිහිමුර්ජා වෙලා වැටෙන්න ගද්දි ඉස්කෙන්ඩර් නීතිරීති වලට එකගවෙනේක පැත්තකට විසිකරලා ඇය වෙනුවෙන් දගලන තැනදි, ඇය ගැන වධවෙන තැනදි තාත්තලට වුණත් සිද්ධ වෙනවා ඇස් බොඳ කරගෙන ඒ දෙන්නගෙ ලෝකේ ඒ දෙන්නට දෙන්න..

එහෙමයි දෙන්නා එකවහළක් යටට එන්නෙ ..හිටපු ගමන් එන හිසරදය …..,සිහිමුර්ජා වෙන එක ,තමන් ළග ඉද්දි ලෙයිලා දොර ඇරගෙන මිදුලට ගිහින් කවුරුහරි එනකල් බලනවා වගෙ හැසිරෙන එක ආයෙම ගේ ඇතුළට ඇවිත්
“ඔයා කොයිවෙලාවෙද ආවේ කියලා අහන එක….
කෑම බෙදලා තියෙන විදිය ….

මේ දේවල් ඉස්කෙන්ඩර්ට දරාගන්න පුළුවන් වුණෙ කොහොමද කියලා හිතද්දිත් සෑහෙන්ඩ රිදෙනවා..ආයෙ ආයෙම ලෙයිලට එන ප්‍රශ්ණය muhmet කලින් ජීවිතේට පිළිලයක් වෙච්ච මනුස්සයා ආයෙම පුන පුනා ලෙයිලව හොයාගෙන එන එක…සමහර තැන්වලදි ලෙයිලා ඔහුව බදාවැළදගෙන ආයෙම ගැස්සිලා ඔහුව අතාරින එක…

“මං ඔයාට ආදරෙයි Muhmet ..”
ඇය මෙහෙම කියන්නෙ ඉස්කෙන්ඩර්ට

ඔහුත් ⁣වචන රහිතහැඟීමක් හිරකර⁣න් මාත් ආදරෙයි කියන තැන මම දන්නෙ නෑ අනිත් අයට කෝම දැනෙයිද කියන කාරණාව ගැන..නිර්මාණකරුවා පාවිච්චියට ගත්ත වචන කීපය රූප රාමු සෑහෙන කාලයක් මේ රිදිල්ල හිතේ පත්තියම් කරවලා තියාවී…..

???? – අපි කසාද බැන්දෙ කවදද..?
❤️- පෙබරවාරි
????- දිනේ…?
❤️- අටවෙනිදා
????- එතකොට මම කවුද
❤️- ඉස්කෙන්ඩර්
????- ඔයා?
❤️- ලෙයිලා

⁣මුළු ගෙදරම පුංචි පුංචි කොළ කෑලි වලින් පුරවලා….ඒ දේවල් වලට කියන නම් වලින්…..මේ හැමදේම ලෙයිලා වෙනුවෙන් ..හිටපු ගමන් නැතිවෙන්ඩම පටන් ගන්න ඇගෙ මතක ශක්තිය ගැන ඉස්කෙන්ඩර් බලාන ඉන්නෙ වේදනාව වහන් කරගෙන….
අළුතින්ම හදන්න ලෑස්ති වෙච්ච ගෙදරට සැලසුම් පැත්තකින් තියලා ඔහු තැනෙක ඇයට කියනවා
“ඔයා තමයි මගේ ගෙදර…”

ලෙයිලට උරුම වුණේ ශාරීරික මරණයකට කලියෙන් මස්තිෂ්ක මරණයක්…..තමන්ගෙ ගෙදර අය අදුරගන්ඩ බැරිවෙන තත්ත්වයක් …තමන්ගෙ ඇගේම මුත්‍රා කරගනිද්දී පොඩි දරුවෙක්ව පිරිසිදු කරන ගානට මේ සියල්ලම සිද්ධ කරන්නෙ ඉස්කෙන්ඩර් …
ඇගෙන් ඉවත්වෙලා අළුත් ජීවිතයක් පටන්ගන්න කියලා පුන පුනා ලෙයිලගෙ දෙමව්පියෝ යෝජනා කළත් ඔහු සූදානම් වුණේ නෑ ඒ තීරණයට කිසිවිටකත්…

ලෙයිලා හිනාවුණෙ ඔහු වගේ
බැලුවෙ ඔහුවගේ…

ජීවිතේ කොටසක් කරගෙන ලෙයිලා ආසාවෙන් හුස්ම ගත්තෙ ඔහු වෙනුවෙන් …
???? -ඔයා මට කිවුවා මාව දාලා යන්නෙ නෑ කියලා….බොරුකාරී …..
පිටේ අකුරු මවපු…
Leyla,,
Iskender නම් දෙක කොටාගෙන බෙල්ලෙ දවටන් උන්නු ආදරවන්තිය ආයෙම හිනාවෙන එකක් නැතිවේවී…
❤️ – මට ඕන මැරෙනකල් ඔයත් එක්ක ඉන්න
????- ඒකද ලිවුවෙ ,එතකොට මැරුණට පස්සෙ ….?

ඔවු………….
ඒක එහෙම වුණාට පස්සේ….

  • රුවන්ති ජයතිලක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *