ප්‍රවීණ රංගන ශිල්පිණි මියුරි සමරසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නිළියක වන මියුරි සමරසිංහ මහත්මිය අද දින සිය ජීවිත ගමනට සමුදී තිබෙනවා.

කලක් පිළිකා රෝගය සමග ජීවිතය වෙනුවෙන් සටන් වදිමින් සිටි ඇය මිය යන විට 81 වන වියෙහි පසුවුණා.

ගුවන් විදුලියේ “මාසික රැඟුම” සංගීත ප්‍රසංගයේ මුල්වරට රැඟුම් පෑ ඇය “මිරිඟුව” චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රංගනය කරමින් සිනමාවට අවතීර්ණ වී තිබෙනවා.

ඉන් මතු “මඩොල් දූව”, “සාරා”, “යස ඉසුරු”, “විරාගය”, “යහළු යෙහෙළි”, “යුගාන්තය”, “මංගල තෑග්ග”, “යුවතිපති”, “මාරුතය” සහ “භව දුක” ආදී චිත්‍රපට රැසක මතකයේ රැදෙන චරිත මවන්නට ඇය සමත් වූවා.

වැඩිහිටි කාන්තා චරිත රංගනය සඳහා නම් දැරූ මියුරි සමරසිංහයන් මෑතයුගයේ “පත්තිනි” සහ “ඝරසරප” වැනි චිත්‍රපටවල ද සිය රංගනය එක් කර තිබුණා.

බන්දුල විතානගේ නිර්මාණය කළ “එරබදු මල්” තුළින් පුංචි තිරයට ප්‍රවිශ්ට වූ ඇය “නෑදෑයෝ”, “දූ දරුවෝ”, “ගිරය”, “යස් බොස්” සහ “අසල්වැසියෝ” ආදී ජනකාන්ත නාට්‍ය රැසක රැඟුම් භාග්‍ය ලද ඇය රාජ්‍ය නාට්‍ය සම්මානලාභිනියක් ලෙස රංගනයෙහි ප්‍රකට චරිතයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *