කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම තවත් ලොවින් තුරන් වී නොමැත.
මේ හේතුවෙන් වසා දමා තිබූ සිනම ශාලාවන් ද දැඩි ආරක්ෂක පියවර අනුගමනය කර මේ වන විට විවෘත වෙමින් පවති.
දුප්පත්, කැරලිවලට ගොදුරු වූ මුස්ලිම් දැරියක ගැන කියැවෙන සම්මානලාභී ‘චන්ද්නි බාර්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මධුර් බන්දර්කර් විසින් තවත් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කර තිබෙනවා.
එහි නම්කර තිබෙන්නේ ‘ඉන්දියා ලොක්ඩවුන්’ලෙසින්. කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාව වසා පැවති කාලයේ සිදුවූ සත්‍යය සිදුවීම් පදනම් කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වූ බවත් සඳහන්.
මධුර් පවසන්නේ මේ සතියේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ විවිධ වෘත්තින්හි නියැළෙන මහජනතාව රට වසා පැවති කාලයේ සිය ජීවිතය ගෙන යාමට කළ සටන දැක්වෙන බවයි.
