“අපට සැදුණු අපේ ලෝකය” මේ මස 14 වැනිදා සිට තිරගතවේ.
සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගේ ගේ 72 වැනි චිත්‍රපටය වන මෙය අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය සිනමාකරු ලාල් ප්‍රියදේව මහතායි .
මගේ යාළු මාළු, ජොලිහලෝ, මගෝඩි ගොඩයි, අපේ යාළු පුංචි භූතයා සිනමාපට ප්‍රේක්ෂකයන්ට තිළිණ කළ ලාල්ගේ 16 වන චිත්‍රපටය ලෙසිනුයි අපට සැදුණු අපේ ලෝකය එළිදකින්නෙ.
හදිසි අනතුරකින් මවුපියන් අහිමි වූ ළමයකු කැලයක තනිවෙනවා. ඔහු හැදෙන්නේ සතුන් සමගින්. මේ දරුවාගේ කතාව කෙළවර වන්නේ අනපේක්ෂිත ගැටලු රැසකින්. “අපට සැදුනු අපේ ලෝකය” ගලා යන්නේ එලෙසින්.
මේනක රාජපක්ෂ, නෙහාරා පීරිස්, රජිව් නානායක්කාර, රජිත රොද්‍රිගු, ලස්නි බෝගොඩ ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයට එක්වෙනවා. ප්‍රධාන චරිතය පංකජ චන්දේව් ළමා නළුවා සමඟ ස්වේතා, මනීෂා මධුභාෂිණි, විමුක්ති සහන් ලෝචන. භාග්‍යා ඇතුළු විශාල ළමා නළු නිළියන් පිරිසක් එක්වෙනවා.
“අපට සැදුණු අපේ ලෝකය” කැමරාවට හසුකරගන්නේ දමිත් විජේසිංහ. සහාය අධ්‍යක්ෂණයෙන් ෂෙහාන් තරිඳු, සංස්කරණයෙන් දනාල් තිරංජය, වේෂ නිරූපනයෙන් ටේෂාන් හේවාපන්න, තිලාන් බාලසුරිය දායක වෙනවා. දර්ශන තල ප්‍රභාත් පෙරේරාගෙන්. එම්.කේ. සුදාකරන් නිෂ්පාදන කළමනාකරණයෙන් සහාය වී තිබෙනවා.