2021 – ජනවාරි මස-ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජන සාරාංශය

2021 වසරේ ආරම්භක මාසයේ ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට සමත්වූ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට සංඛ්‍යාව 03 කට සීමා විය.

ඒ අනුව ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරිගෙ කුලුඳුල් නිර්මාණය වූ “හිතුමතේ ජිවිතේ” බංගලාදේශයේ ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේත්, මහාචාර්ය සුමති සිවමෝහන්ගේ තෙවෙනි නිර්මාණය වූ “සිංගල් ටම්බලර්” ඉන්දියාවේ ජායිපූර් අන්තර්ජාතික සිනමා උළෙලේත්, ප්‍රසන්න විතානගෙගේ 08 වෙනි ඒක පුද්ගල දීර්ඝ වෘත්තාන්ත නිර්මාණය වූ “ගාඩී” ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේත් ප්‍රදර්ශනය විය.

ඒ අතුරින් “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටය, 2021 වසරේ මෙන්ම, නව දශකයේ අන්තර්ජාතික සිනමා උළෙලක තිරගත වූ පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් ඉතිහාසයට එක්විය.

“සිංගල් ටම්බලර්” චිත්‍රපටය ජායිපූර් උළෙලේ තරගකාරී අංශයක් (Competitive Section) යටතේද, “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටය ඩකා උළෙලේ සහ “ගාඩී” චිත්‍රපටය ඉන්දියානු සිනමා උළෙලේ තරගකාරී නොවන අංශ (Non- Competitive Sections) යටතේද තිරගත විය.

“හිතුමතේ ජිවීතේ” සහ ” සිංගල් ටම්බලර්” යන චිත්‍රපට ද්විත්වය අදාළ උළෙලවලට නිළ වශයෙන් සුදුසුකම් ලද චිත්‍රපට (Official Selections) ලෙසින්ද, “ගාඩි” චිත්‍රපටය ආරාධිත චිත්‍රපටයක් (Invited Film) ලෙසින්ද අදාළ උළෙල වල තිරගත විය.

ප්‍රසන්න විතානගේට ඉන්දියානු සිනමා උළෙලේ ප්‍රධාන නිළ ජූරියේ ජූරි සමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වූ අතර, එහෙයින් “ගාඩි” චිත්‍රපටය ආරාධිත චිත්‍රපටයක් ලෙස ඉන්දියානු උළෙලට ඇතුළත් විය.

1992 වසරේ ඇරඹි ඩකා සිනමා උළෙල 19 වෙනි වරටත්, 2009 වසරේ ඇරඹි ජායිපූර් උළෙල 13 වෙනි වරටත්, 1952 වසරේ පැවති ඉන්දියානු සිනමා උළෙල 51 වෙනි වරටත්, 2021 වසරේදී පැවැත්වුණි. ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙල ෆිඇප්ෆ් අනුමත ලොව “ඒ” ශ්‍රේණියේ සිනමා උළෙලකි.

-සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි Udithe Lakmal Kahandawaarachchi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *