ජනවාරි 22 සිට  රන්වීර් – දීපිකා රඟන ‘83’

83 කියන්නේ ඉන්දියානු චිත්‍රපට අතර තරමක් විශේෂ චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගෙන නිපදවීමයි. ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන බොහෝ රසිකයන් හට මෙය ඉතාම රසවත් චිත්‍රපටයක් වනු ඇතැයි බොහෝදෙනකු විශ්වාස කරනවා. 

1983 වසරේදී ඉන්දියානු ක්‍රිකට් World Cup ජයග්‍රහණය මුල්කරගෙන නිමවා තිබෙන ‘83’ ෆිල්ම් එකෙහි Ranveer Singh, Deepika padukone, Tahir Raj Bhasin ආදී ඉන්දීය නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වී තිබෙනවා.

Kabir Khanගේ අධ්‍යක්ෂණයෙන්ද Kabir Khan, Deepika padukone, Vishnu Vardhan Induri, Sajid Nadiadwala යන පිරිසගේ එකතුව ඇතිව  Reliance Entertainment Phantom Films යටතේ නිෂ්පාදනය කොට තිබෙනවා. Pritam සංගීත අධ්‍යක්ෂණයෙන්ද Score Composer වශයෙන් Julius Packiam ද සම්බන්ධ වී සිටිනවා. 

Rameshwar S. Bhagat  සංස්කරණයෙන්ද දායක වී තිබෙනවා.

83 චිත්‍රපටය රූගත කිරීම් ආරම්භවීමට පෙර ඉන්දියාවේ Dharmshala Cricket Stadium ක්‍රීඩාංගණය තුළදී Balwinder Sandha and Yashpal Sharma යන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා යටතේ රංගනයෙන් සම්බන්ධ වන ප්‍රකට රංගන ශිල්පියා වන රන්වීන් සිං ඇතුළු පිරිස පුරුදු පුහුණු වීම් සිදුකළ බවද සඳහන් වේ.

Kapil Dev යන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයාගේ  චරිතයට ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පී රන්වීර් සිං ද, ඔහුගේ බිරියගේ චරිතය වන Romi Bhatia ගේ චරිතයට රන්වීර්ගේ ආදරණීය බිරිය සුරූපී නිළි දීපිකා පදුකෝන් රංගනයෙන් දායක වීම තවත් විශේෂත්වයක්.

2020 නොවැම්බර් මාසය තුළදී 83 චිත්‍රපටය Release කිරීමට නියමිතව තිබුණද ඉන්දියාව තුළ කොරෝනා වසංගත තත්ත්වය දරුණුවටම බලපෑම් එල්ල කළ හෙයින් එම දිනය 2021 ජනවාරි 22 දක්වා කල් දැමීමට සිදුවී තිබෙනවා.

කෙසේ නමුත් රන්වීර් – දීපිකා යුවළට මෙන්ම ක්‍රිකට්වලට ප්‍රිය කරන ක්‍රීඩා ලෝලීන් හට නම් මෙම 83 චිත්‍රපටය නවතම අත්දැකීමක් වනු නොඅනුමානයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *