චත්‍ර වීරමන් රිදී තිරයට ගෙන එන “ආයු”

“ආලෝකෝ උදපාදි” විත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වෙමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි චත්‍ර වීරමන්ගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි ආයු.

විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සිංහල සිනමාවට නිෂ්පාදකවරයකු ලෙසින් ‍ෙදාරට වඩිමින්ද, සිංහල සිනමාවේ නිළි රැජන වූ මාලිනී ෆොන්සේකාගේ දශක හතක රංගන චාරිකාවේ එකසිය පනස් වන රංගනය සනිටුහන් කරනා චත්‍ර වීරමන්ගේ දෙවැනි සිනමා සම්ප්‍රාත්තිය වූ “ආයු” සිනමා ප්‍රේක්ෂකයින්ට මේ වසරේදී දැක බලා ගන්නට පුළුවන්.

ආයුහි රංගනයෙන් සැන්ඩ්‍රා මාක්, ජගත් මනුවර්ණ, මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, කෙනාරා වීරතුංග , සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර, තුමිඳු ‍ෙදාඩම්තැන්න, දසුන් පතිරණ, නලින් ලූසේනා, උදාර අබේසුන්දර ඇතුළු විශාල නළු නිළි පිරිසක් දායකත්වය ලබා දී තිබෙනවා.

කැමරාකරණයෙන් කාලිංග දේශප්‍රිය, නිෂ්පාදන සැලසුම් හා කලා අධ්‍යක්ෂණයෙන් බිමල් දුෂ්මන්ත, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, අංග රචනයෙන් සහ කොණ්ඩා සැකසුමෙන් හර්ෂ මංජුල සමඟින් හරුන් ෂයිඩීන්, ශබ්ද සැලසුම්කරණයෙන් ශෂික මාරසිංහ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, ඇඟදුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙනිය, නිෂ්පාදන කළමනාකරණයෙන් ඉරේෂ් කරුණාරත්න, රේඛීය නිෂ්පාදනයෙන් ප්‍රීමාල් රණසිංහ සහ ශෂික ගණේගොඩ සම්බන්ධ වන “ආයු” හි සහාය නිෂ්පාදනය අනුරුද්ධ වීරමන් සමඟින් සමන් වීරමන් දායකව ඇත. “ආයු” වීරමන් බ්‍රදර්ස් ඉදිරිපත් කිරීමකි.

ස්පාඤ්ඤයේ පැවැත්වෙන 08 වෙනි බාසිලෝනා ආසියානු සිනමා උළෙලේ (Asian Film Festival Barcelona) අන්තර්ගත ඩිස්කවරීස් අංශය (Discoveries Section) යටතේ නියෝජන කිරීමට ද “ආයු” (Ayu) චිත්‍රපටය සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *