සිනමාවේ උපන් දිනයට මහැදුරු සුනිලුන්ගෙන් “ක්ෂීර සාගරය කැළඹිණ”

සම්මානනීය නවකතාකරු සයිමන් නවගත්තේගම සූරීන්ගේ ක්ෂීර සාගරය කැළඹිණ නවකතාව සම්මානිත සිනමා අධ්‍යක්ෂක මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිනමාවට නැගීමට සූදානම් වනවා.

‘ක්ෂීර සාගරය කැළඹිණ’ නවගත්තේගම මහතා අතින් නිර්මාණය වූ විශිෂ්ඨ කෘතීන් අතරින් එකකි.

සිනමා නිර්මාණයේ නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරන්නේ සරසවි ආයතනයේ අධිපති, චිත්‍රපට නිෂ්පාදක H.D. ප්‍රේමසිරි මහතායි.

සිංහල සිනමාවේ 74වැනි ජන්ම දිනයෙහි එනම් 21.01.2021 දින මෙම සිනමා නිර්මාණයේ මුහුරත් උළලෙ බොරලැස්ගමුවේ ෆින්ගාරා හිදී පැවැත්වෙනවා.

මේ දිනවල සිනමාපටය සඳහා සුදුසු නළු නිළියන් තෝරා ගැනීමේ තිර පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර කොරෝනා වසංගත තත්වය සමනය වූ වහාම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *