ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගතවීම ආරම්භ වුණා.
යු .ඒ පල්ලියගුරු තිර රචනා කර නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්රපටයේ අධ්යක්ෂණය සංජය නිර්මාල්ගෙනි.
ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න සහය රංගනයෙන් දායක වී තිබෙනවා.
ආලේ කොරෝනා තුළින් කොරෝනා කාලය තුළ තනිවූ අසම්මත යුවළක් හා ඔවුන්ගේ අපූර්වතම දින 42ක කාල පරිච්චේදයත් සමාජ හා ආර්ථිකමය ගැටලු අර්බුද හමුවේ ජීවීත සටන මෙහෙයවූ අත්දැකීම් රැසක් නිරුපණය කරන සිනමාපටයක්.



