හොලිවුඩ් පෙත්සම්

ජොනී ඩෙප්ව ෆැන්ටාස්ටික් බීස්ට් එකෙන් අයින් කළා කියල හැමෝම වගේ දන්නවනෙ. හැබැයි ඩෙප්ට ග්‍රින්ඩෙල්වෝල්ඩ්ගේ චරිතය වෙනුවන් ගෙවන්න නියමව තිබුනු ඩොලර් මිලියන දහයක සැලරිය, වෙනසක් නැතුව ඩෙප්ට ලැබෙනවා කියල තමා ආරංචිය කන්ට්‍රැක්ට් එකට අනුව. ඒ වගේම ඒ චරිතයට ඩෙප් වෙනුවට මැඩ්ස් මිකෙල්සන්ව තෝරගෙන කියලත් ආරංචියි.

දැන් අලුත්ම සීන් එක තමා, ඩෙප්ව අයින් කළාට මළ පැනපු ඩෙප්ගෙ ෆෑන්ස් එකතු වෙලා ඇම්බර් හර්ඩ්ව ඇක්වමෑන් දෙවෙනි ෆිල්ම් එකෙන් අයින් කරල ඒ වෙනුවට ඇමීලියා ක්ලාක්ව යොදාගන්න කියල ඔන්ලයින් පෙටිෂන් එකක් හදල තියෙනවා . මේකට දැනටමත් අත්සන් මිලියනයකට වඩා ඇවිත්ලු. ෆැන්ටාස්ටික් බීස්ට් වගේම ඇක්වමෑන් අයිති DC යුනිවර්ස් එකත් තියෙන්නේ වෝනර් බ්‍රදර්ස්ල යටතේ. නමුත් ඇම්බර් නම් කියන්නෙ චරිතෙ කරන්නෙ කවුද කියල තීරණය කරන එක ෆෑන්ස්ලට අයිති එකක් නෙවෙයි, ඒ නිසා කලින් සැලසුම් කරපු විදිහටම තමන් ඒ චරිතය කරනවා කියලයි. අනේ මන්ද ඉතිං…

මම නම් හිතන්නෙ ෆෑන්ස්ල තේරුම් ගන්න ඕනෙ මේ විදිහට පළිගන්න යන එකෙන් වෙන්නෙ තවත් ෆිල්ම් එකකට නිර්මාණාත්මක හානියක් වෙන එක විතරයි කියල. එයාල තේරුම් ගන්න ඕනෙ ඇම්බර් හර්ඩ් කියන්නෙ නිළියක්, ඇක්වමෑන් එකේ මීරා කියන්නෙ එයාගෙ චරිතය කියන එක. නිළියක් හෝ නලුවෙක් කරපු දේකට එයාගෙ චරිතෙන් පළි අරන් වැඩක් නෑ. හැබැයි එහෙම බැලුවම වෝනර් බ්‍රදර්ස්ල ඩෙප්ව අයින් කරපු එකත් සවුත්තුයි, වැරැදියි.එනිවේ, මේ වැඩෙන් වෙන්නෙ එක දෙක වීමක් විතරයි. මම නම් කැමති ෆිල්ම් සීරීස් එකක මූණු වෙනස් නොවී තියෙනවා නම්. මොකද කතාව රියල් විදිහට දැනෙන්න ඒකත් එක හේතුවක් නිසා..

  • දුටුනෙත – Eyewitness ෆේස්බුක් පිටුව


Leave a Reply

Your email address will not be published. Required fields are marked *