අභාවප්‍රාප්ත සිනමා සංරක්ෂක තිස්ස නාගොඩවිතානයන්ගේ අවසන් කටයුතු අද (26) සිදු කිරීමට තීරණය කොට තිබෙනවා. මේ වන විට දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ‘The Respect’ VIP අංගනයේ තැන්පත් කර තිබෙනවා. අද පෙරවරු 8.30 සිට දේහය තැන්පත් කරන අතර සවස 4.30 ට බොරැල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කරනු ඇත.
1942 වසරේ ජනවාරි 10 උපත ලැබූ නාගොඩවිතානයන් ‘හෙළ සිනමාවේ මහා දායාදකරු’ ලෙස අපි හඳුන්වමු. ඒ ඔහු සංරක්ෂණය කොට රැක බලා ගත් හෙළවුඩයේ මහා චිත්‍රපට කන්ද නිසාවෙනි. එයින් ඔහුගේ නිෂ්පාදන දායකත්වයත්, අධ්‍යක්ෂණ හැකියාවත්, ගායන හැකියාවත් යටපත් නොවෙන බව අපගේ හැඟීමයි .
ඔබට නිවන් සුව..!
(ඡායාරූපය – දයාන් විතාරණ)