ලෝකයක් වසඟ කළ අද්විතීය හඬ ලතා මංගේෂ්කාර් රෝහල් ගත කොට ඇති බව ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරනවා. පෙනහළු ආශ්‍රිතව ඇති වූ හදිසි අසනීප තත්වය නිසා ඇයව වහා රෝහල් ගත කොට තිබෙනවා. ඒ මුම්බායි හි දකුණු දිග ‘බ්‍රීච් කැන්ඩි’ රෝහලටයි. ඇයව ඇතුලත් කළ මොහොතේ අසාධ්‍ය තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
තවමත් ස්වසන ආධාරක මාර්ගයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ලතා මංගේෂ්කාර් ගේ තත්වය මේ වන සුව අතට හැරෙමින් තිබෙන බව වාර්තා වෙනවා. ඉන්දියාවේ පුරවැසියෙකුට ලබා ගත හැකි ඉහළම සම්මානය වන ‘භාරත රත්න’ සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඇය 90 වන වියේ පසුවනවා.