‘කවුද අනේ එයා.. ‘ හෙළවුඩයේ fun කතාවක්

සරසවිය සිනමා පුවත්පතේ කර්තෘතුමන්ට කලක් රංගනයේ යෙදුණ නිළියකගෙන් දුරකතන ඇමතුමක් ලැබිලා. ඒ සංවාදය මෙහෙමයි ගලා ගිහින් තියෙන්නේ.

නිළිය – මං මේ . . . . . . කතා කරන්නේ.

කතු – ඔව්, කියන්න.

නිළිය – අනේ මට උදව්වක් කරන්න.

කතු – හරි හරි.

නිළිය – මේ මං අර සම්මාන ගත්තු ඩිරෙක්ටර්ගේ ෆිල්ම් එකේ රඟපානවා.

කතු – සම්මාන ගත්තු ඩිරෙක්ටර් කිව්වේ?

නිළිය – කවුද අනේ . . . මේ . . . නමත් ඔළුවට එන්නේ නැහැ. අර දමයන්ති ෆොන්සේකා බැඳලා ඉන්නේ.

කතුතුමාට එකපාරටම මතක් වුණා මේ කියන්නේ ප්‍රසන්න විතානගේ ගැන කියලා. නමුත් නිළියට නම මතක නැහැ. චිත්‍රපටවල රඟපානවා. ඒත් ඩිරෙක්ටර්වත් මතක නැහැ. කර්තෘ දිගටම නොදන්න විදිහටම කතා කළා.

කතු – දමයන්ති ෆොන්සේකාව? කවුද දමයන්තිව බැඳලා ඉන්න ඩිරෙක්ටර්?

නිළිය – අර . . . හරි . . . හරි . . . නම මතක් වුණා ප්‍රසන්න, ප්‍රසන්න.

කතු – ප්‍රසන්න කවුද . . . ප්‍රසන්න ජයකොඩිද . . .?

නිළිය – අන්න හරි. ප්‍රසන්න ජයකොඩි තමයි දමයන්තිව බැඳලා ඉන්නේ. එයාගේ ෆිල්ම් එකේ ඉන්නවා. ඒ හින්දා මට කවරයක් දෙනවද.

මේක ඇහැව්වම ප්‍රසන්න විතානගේ මොනවා හිතයිද කියලා අපි දන්නෑ…

මැයි 30, 2019 – සරසවිය

(ප්‍රසන්න විතානගේ සිය නවතම සිනමාපටය වන ‘ගාඩි’ හි වැඩ නිම කරමින් පසුවෙනවා. දැවැන්ත නිර්මාණයක් වන ගාඩි මේ වසරේ අග තිරගත කිරීමට නියමිතයි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *