ජෝන් ඒබ්‍රහම් නැවතත් සුපිරි රංගනයක. Romeo Akbar Walter (RAW) ළඟදීම…

බොලිවුඩයේ අති දක්ෂයකු වන ජෝන් ඒබ්‍රහම් නැවතත් සුපිරි රංගනයකින් සිනමා කරළියට ඒමට නියමිතයි. ඒ Romeo Akbar Walter (RAW) චිත්‍රපටයෙන්. චිත්‍රපටය අප්‍රේල් 5 වෙනිදා සිට ප්‍රදර්ශනය වීමට නියමිතයි.

රොබී ග්‍රේවල් අධ්‍යක්ෂණය කරන ලද Romeo Akbar Walter (RAW) චිත්‍රපටය Viacom බෙදාහැරීමක්. චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් සඳහා ජැකී ශෙරෝෆ් ද දායක වී තිබෙනවා.

Romeo Akbar Walter (RAW) චිත්‍රපටයට තේමා වී තිබෙන්නේ ඉන්දීය RAW ඔත්තු සේවය විසින් පකිස්තානය තුල චර පුරුෂ සේවයේ යොදවන ඔත්තු කරුවකු ගැනයි. එමෙන්ම මෙම චිත්‍රපටයට පාදක වූවා යැයි සැලකෙන්නේ 70 දශකයේ ඉන්දියාව වෙනුවෙන් පකිස්තානයේ ඔත්තු බැලූ ඔත්තුකරුවෙක් වූ රවීන්ද්‍ර කෞෂික් ය. ඔහු ඉන්දියාවේ යම් ගෞරවයකට පත් පුද්ගලයෙක් වන අතර පකිස්තාන අත්අඩංගුවට පත් වූ පසු බොහෝ කල් බන්ධනාගාරයේ ගත කොට මිය ගොස් තිබෙනවා.

ඔහුගේ ජිවිතයේ යම් යම් සිද්ධි පාදක කොට ගෙන මෙම චිත්‍රපටයේ යම් යම් සිද්ධි ගොඩ නැගී ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *