ගොඩ්සිලා මැයි 31 එයි

න්‍යෂ්ටික අවි වලට රූපකයක් ලෙසට 1954 ජපානයේ Tomoyuki Tanaka, Ishiro Honda සහ Eiji Tsubaraya විසින් නිර්මාණය කරන ලද ‘ගොඩ්සිලා’ චරිතය ඇතුලත් නවතම හොලිවුඩ් චිත්‍රපටය ලෙසට Legendary ආයතනයේ Monsterverse ඉදිරිපත් කරන තෙවන චිත්‍රපටය ලෙසට Godzilla : King of the Monsters චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි.

ඒ මැයි මස 31 වෙනිදා. මීට ප්‍රථම Legendary ආයතනයේ Monsterverse ඉදිරිපත් කළ Godzilla (2014) සහ Kong: skull island (2017) සාර්ථක ලෙස තිරගත වූ අතර 2020 දී Godzilla vs King Kong නමින් චිත්‍රපටයක් එලිදැක්වීමටද සැලසුම් කර ඇත.

මීට පෙර Roland Emmerich විසින්ද 1998 දී Godzilla චිත්‍රපටය නිර්මාණය කල අතර එයද Box office වාර්තා පිහිටුවමින් තිරගත විණි.

-උදාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *