අජිත් ගලප්පත්ති , ඉරිදා දිවයින – 03 පෙබරවාරි 2019
ඔහු ශී‍්‍ර ලංකාවේ දියත් කළ අරගලය සහ එහි කූටප්රාප්ත කැරැලි සාර්ථක අසාර්ථක වීම් කෙරෙහි සෝවියට් දේශයේදී ඔහු ආකර්ශණය වූ කොමියුනිස්ට් ව්‍යාපාරයේ චීන ලැදි කඳවුරෙහි චින්තනය යම් බලපෑමක් නොවී යැයි කිව හැකිද? කෙසේ වෙතත් සෝවියට් දේශයේ සිටියදී තමා නිරත කොමියුනිස්ට් දේශපාලන ව්‍යාපාරයේ සිදුවූ මෙම මතවාදී දෙදරා යාම විජේවීරගේ ජීවිතයට බලපෑමක් විය. වෛද්‍ය වෘත්තිය අතැර දේශපාලනය වෙත පූර්ණකාලීනව යොමුවන්නට බලපෑවේද මෙම දෙදරා යාමයි. ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ ඇති වූ එම මතවාදී බෙදීමට මැදි වූ විජේවීර ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග ද ගැටුම් ඇතිකර ගත්තේය.සෝවියට් දේශය බලා යෑමට අවසර නොලැබී යෑමයි. කොළඹ සෝවියට් තානාපති කාර්යාලය විජේවීරට වීසා නිකුත් කළේ නැත. මෙය පෞද්ගලික පළිගැනීමකි.!
වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ සිහිනය බිඳවැටුණු පසු ඔහු දේශපාලනය දෙසට මුළුමනින්ම තල්ලූ වීම කෙරෙහි බලපෑ විජේවීරගේ චිත්ත පීඩාව කෙතරම් වීද? එය සැබෑම ඛේදයකි. එකී පළිගැනීම් සිදුවීම නොවී නම් තමා දේශපාලනය වෙනුවට වෛද්‍ය වෘත්තියම තෝරා ගන්නට, ඉඩ තිබුණා යැයි ඔහු තම සගයන්ට පවසා ඇත. ඔහු දේශපාලනය තෝරා ගන්නේ විකල්පයක් ලෙසිනි. ප්‍රායෝගික ජීවිතය ලද අත්දැකීම් විසින් යමකු තුළ උපද්ද වන භ්‍රාන්තිය විසින් න්‍යායික අස්වැසුම් වෙත ඔහු පොළඹවනු ලබයි.
ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂය සමඟ මතබේද ඇති කරගෙන ඉන් ඉවත්ව විජේවීර ලංකා කොමියුනිස්ට් පක්ෂයට බැඳුණු නමුත් කෙටි කලකින් එයින්ද ඔහු ඉවත් වෙයි. ඔහු එම පක්ෂයේ නායකත්වය ගැන කලකිරෙන හේතුව එහි නායකයා සැබෑ මාක්ස් ලෙනින්වාදියකු නොවීම සහ ඔහු ජාතිවාදියකු ලෙස කටයුතු කිරීමයි. ජාතිවාදයට ඔහු තුළ වූ විරෝධයත් මාක්ස් ලෙනින් වාදයට ඔහු තුළ වූ අසීමිත යොමුවත් එම යුගයේ සිට ම ප්‍රකට කෙරිණි.
1967 අග බිහිවූ ජනතා විමුක්ති පෙරමුණ අනෙකුත් වාමාංශික පක්ෂ සමඟ සසඳන විට ඉන් වෙනස් ප්‍රධානතම කරුණක් වූයේ ජවිපෙ සන්නද්ධ අරගලය පිළිගැනීම සහ ඒ සඳහා සකී‍්‍රයව යොමු වීමයි. එම මතවාදය තරුණ හා ශිෂ්‍ය පිරිස් අතර රහසිගතව ප්‍රචලිත කෙරුණකි. සන්නද්ධ අරගලයකින් බලය ඇල්ලීම සඳහා ඔවුහු සංවිධානගත වීම තර්ජනයකැයි සිතූ බලවේග එම රහසිගත සන්නද්ධ වීම හෙළි කළහ. එවිට පාලකයන්ගේ හා පොලිසියේ අවධානය විජේවීරලාගේ මෙම සන්නද්ධ සැලසුම් කෙරෙහි යොමු විය. කැරැල්ල මෙලෙස දියාරු වීමට බලපෑ ප්‍රතිවාදීන්ගේ හැසිරීම් විජේවීර නොතැකුවේ මන්ද? ඔහුගේ මෙම ද්විත්ව හැසිරීම ගැඹුරින් විග්රහ කිරීම සිනමාකරුවා මඟහරින සෙයකි. එබඳු නව අර්ථකථනයකට ඔහු බියවද්දා ඇත්තේ විජේවීරගේ පක්ෂයේ හෝ පවුලේ යැපෙන්නන් විය හැක. මෙබඳු උභතෝ ධාරා වීරයකු සිනමා රූපයකට ගත නොහැකි යැයි අප සිතනුයේ මෙබඳු සත්‍යයන් මතය. මෙබඳු ස්වාත්ම විකාරිකයකු ම නිශ්චිත අර්ථ සැපයීම අතිශය බිහිසුණු විය හැක. විජේවීරගේ සැබෑ චිත්ත පීඩාව කුමක්දැයි නොකීමට සිනමාකරුවා වග බලා ගනී.
කෙනකු තුළ යම් විටකදී තමා ජීවත් වන්නේ සතුරන් අතර දැයි සැක සංකා සිතෙයි. මෙසේ තමා සතුරන් මැද පීඩාවට පත්ව ඇතැයි සිතීම බොහෝ විට ඔහුගේම ස්වාත්ම විකාරයක් විය හැක. ස්වීයත්වය පිළිබඳ චිත්ත පීඩාව Holergasia නමැති මානසික ආබාධයකට හේතු විය හැක. මෙය ස්වාත්ම විකාරික තත්ත්වයකි. එනම් එය Autophobia තත්ත්වයකි. නැතහොත් Autophobia තත්ත්වයකි. තමා ජීවත් වන්නේ සතුරන් අතර යැයි කෙනකු තුළ ආවේදනයක් ඇතිවීම ඔහුගේම අනර්ථකාමී බව උත්සන්න වීමක් වන්නටද පුළුවන. විජේවීර මුහුණ දුන්නේ මෙබඳු චිත්ත පීඩාවකටය. එම පීඩාව ඔහු පිට කළේ දේශපාලනය තුළිනි. විප්ලවය සහ කැරැල්ල ඔස්සේය. විජේවීර නමැති සත්‍ය මිනිසා අප සෙවිය යුත්තේ එබැවිනි. මෙම චිත්‍රපටය තුළ අප සොයන විජේවීර සහ විජේවීර යනුවෙන් අපට පෙන්වා තිබෙන විප්ලවකරුවා සහ කැරලිකරුවා පුනරූපනයකට සිනමාකරුවා වෙහෙසෙයි. විජේවීරගේ ස්වාත්ම විකාර තත්ත්වයට සිනමාකරුවාගේ මෙම පුනරූපනය ඉඟි සපයනවා පමණි.
ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සිට ජවිපෙට සම්බන්ධ වූ ධර්මසේකරගෙන් සිය නායකත්වයට තර්ජනයක් එල්ල වේ යැයි කලක් විජේවීර සැකයෙන් පසු විය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයකු ලෙසද, සමස්ත ලංකා උපාධිධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසද එවක ශිෂ්‍ය ව්‍යාපාරය තුළ නම් දරා සිටි ධර්මසේකර කෙරෙහි විජේවීර තුළ බිය සැක මුසු විරෝධයක් හට ගැනීමට හේතුව ස්වීයත්ව අක්‍රමතාව පිළිබඳ ගැටලූවකි. ධර්මසේකර පමණක් නොව එබඳු කැපී පෙනෙන සකී‍්‍රය සාමාජිකයන් කිහිපදෙනකු කෙරෙහිම එකී භීතිය විජේවීර තුළ විය. නන්දන මාරසිංහ, සරත් විජේසිංහ එබඳු තවත් චරිත වෙති. තම ආධිපත්‍යයට යම් තර්ජනයක් එල්ල වෙතැයි සිතූ එබඳු සකී‍්‍රය චරිත පිළිබඳව තම පක්ෂයේ සාමාජිකත්වය තුළ ඉතාම සූක්ෂ්ම අන්දමින් යම් විරෝධකල්පයක් ගොඩනැඟීමට පවා විජේවීර යොමුව ඇත. 1970 මුල් භාගයේදී ධර්මසේකර සමග සිය සගයන් පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවේ විජේවීර තුළ වූ මෙම සැකය දැන ගෙන ඔවුහු කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට යොමුවූ වග සැළවූ විටය. ධර්මසේකර හා විජේවීර අතර ගොඩනැඟුණු ප්රතිවිරෝධය පසුව කෙතරම් දරුණු වීද යත් එය මාරාන්තික පාවාදීම් හා පළිගැනීම් දක්වා ම උග්‍ර වී ඇත. විජේවීර ඝාතනය කිරීමට පවා සැලැස්මක් එකල කි‍්‍රයාත්මක විය. මෙම ‘චේ කල්ලියේ නායකයා’ සතුරන්ගෙන් සැඟවී සිටියේ ඒ අනුවය. හම්බන්තොට ජූල්ගමුවේ ගොවියකුගේ නිවසේ කුලීකරුවකු ලෙස සැඟවී සිටියදි විජේවීර හම්බන්තොට පොලිසිය විසින් අහම්බයක් ලෙස අත්අඩංගුවට ගනු ලබන්නේ 1970 මැයි 12 වැනිදාය. 1970 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරදවා ජයගත් සමගි පෙරමුණු රජය විජේවීරව නිදහස් කළ පසු ජනතා විමුක්ති පෙරමුණ රහසිගතව ද ප්රසිද්ධියේද ඉතා වේගයෙන් කි‍්‍රයාත්මක වන්නට විය. සමගි පෙරමුණ පාලකයෝ පසුව ජවිපෙ මර්දනයට කටයුතු සැලසුම් කළහ.
එක්සත් ජාතික පක්ෂයේ හා සමගි පෙරමුණේ නායකයන්ට විජේවීර මෙතරම් තර්ජනයක් වූයේ මන්දැයි චිත්‍රපටය තුළ මතවාදීව විග්රහ නොවේ. මෙම විප්ලවකරුවාගේ කැරැල්ලට පසුබිම් වූ සත්‍ය පසුබිම නිර්මාණකරුවා හේතු ඉඟි කළ යුතු වූයේ රූපමය සාක්ෂි වශයෙනි. නමුත් ඒ සඳහා නිදහසක් ලද යුතුය. මාතෘකාව විසින් මෙම ප්‍රකාශකයා සිර කොට තබයි.
වර්තමානික සිනමා මාධ්‍ය ප්‍රකාශකයකු අතීතගත සත්‍ය සිදුවීමක හෝ සත්‍ය චරිතයක යැපීම අතිශය අභියෝගාත්මකය. එම සිදුවීමේ හෝ චරිතය සත්‍ය වීම යනු සාපේක්ෂව විවිධ අර්ථ ගැනීම පමණක් නොව එම සත්‍යය ප්‍රබන්ධ මාධ්‍යයකට ගත යුත්තේ කවර සාපේක්ෂ තරමින්ද යන්න විවාදාත්මක වෙයි. සිනමාකරුවා සත්‍යය සහ පරිකල්පනය යන අන්ත දෙකෙන් වඩාත් ළං වන්නේ කවර අංශයකට ද යන්න නිශ්චය වෙයි. අප ඇසුරු කළ යුත්තේ සත්‍යය ද එසේත් නැතහොත් ඒ ඇසුරෙන් නිර්මාණකරුවාගේ පරිකල්පනය සකී‍්‍රය වූ තරමට ද යන්න පළමුව විනිශ්චය කළ යුත්තේ රසිකයා නොව එම නිර්මාණකරුවා ම වීම අවධාරණයට ගත යුත්තකි.
මෙම චිත්‍රපටයේ විජේවීර චරිතය සහ එම සුවිශේෂ චරිතය රාජ්‍ය බන්ධනාගාරයෙන් නික්මී රහසිගතව ජීවත්වන කාල පරිච්ෙඡ්දය විස්තර කෙරේ. එකී විස්තරාත්මක රූප සංස්කරණයට සිනමාකරුවා යොමු වෙයි. විජේවීර චරිතයට ඔහු අසීමිතව භක්ත්‍යාදර බව චිත්‍රපටය තුළ එකී සවිස්තර කිරීමේ ඇබ්බැහිකමින්ම පැහැදිලි වෙයි. නිර්මාණකරුවා තුළ ජීවත් වන චින්තකයකු එලෙස යම් නිශ්චිත චරිතයකට භක්තිමත් වීම නොවැළැක්විය හැක්කකි. ගැටලූව වන්නේ සහ අභියෝගාත්මක වන්නේ එම චින්තකයා හෝ සාමාන්‍ය මනුෂ්‍යයා නිර්මාණකරුවකු වීමේදීය. එහිදී එම අසීමිත කැමැත්ත හා සංවේදී භක්තිමත් සිත පරිකල්පන මෙහෙයුමක් දක්වා වර්ධනය විය යුතු වීමය. සිනමාකරුවා සහ (එනම් පරිකල්පනිකයා) සිය වස්තු විෂයයික කැරලිකරුවා යන චරිත දෙක ස්වකීය කාර්ය භාරය මත තබා විනිශ්චය කරනුයේ ස්වෛරී රසිකයා ය.
මෙම සිනමා කෘතිය නරඹන පේ්රක්ෂකයා දෙයාකාරය. එනම් චිත්‍රපටය බලන සහ එය කියවන දෙපිරිසය. 1971 හෝ 89 හෝ 2018 ජනතා විමුක්ති පෙරමුණේ විවිධ ස්වරූප දේශපාලන අරගල සමඟ ජීවත් වන ඊට පක්ෂ විපක්ෂ පේ්රක්ෂකයාට රසවත්ව නැරඹිය හැකි චිත්‍රපටයක් තැනී තිබේ. මේ දෙස පේ්රක්ෂාවෙන් බලා සිටිය හැක. පේ්රක්ෂාවෙන් බලා සිටීමෙන් නොනවතින විඳින්නා මෙම චිත්‍රපටය කියවන්නට උත්සාහ කරයි. විජේවීර චරිතයේ දේශපාලනමය හා මානුෂිකමය ගැඹුර සිනමාකරුවාගේ දැක්ම තුළින් දකින්නට සිතයි. මනා වූ සිද්ධි රූප ගත කිරීමෙන් ඔබ්බට ගිය එබඳු දේශපාලන ගැඹුරක් පේ්රක්ෂකයා හමුවෙහි තබන්නට සිනමාකරුවා නොවෙහෙසෙයි. ඔහුගේ කාර්යය එබඳු ගැඹුරු දේශපාලන කතිකාවකට නව පිවිසුම් මාර්ග සැකසීම නොවේ. විජේවීර හිරෙන් නිදහස් වූ දා සිට යළි අත්අඩංගුවට ගැනීම දක්වා වූ සිය රහසිගත ජීවිතය විස්තර කිරීම පමණි.
1971 පෙබරවාරි 21 දින හයිඞ් පිටියේදී විජේවීර කතා කරමින් පාලකයන්ට යුද්ධය සඳහා අභියෝග කළේය. විප්ලවය සිදු කෙරෙන කාල වකවානු ඉඟි කරමින් තමා මර්දනය කිරීමට පියවර ගන්නේ කවදාද එදින විප්ලවය සිදු කෙරෙන බව කීවේය. ආණ්ඩුව ද ජවිපෙ කැරලිකාර ප්‍රහාරයට සූදානම් වෙමින් සැලසුම් සකස් කළේය. තම ගරිල්ලා සටන දියත් කරන කාල වකවානු ඉඟි කිරීම විජේවීර අතින් සිදුවූ මුග්ධ කි්රයාවකි.
ජවිපෙ බෝම්බ තනද්දී සිදුවූ අනපේක්ෂිත පිපිරුමක් තියුණු අනතුරු ඇඟවීමක් ලෙස ගත් එවක රජය 1971 මාර්තු 16 දා රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ඊට දින තුනකට උඩදී විජේවීර අත්අඩංගුවට පත් වූයේ එවරද වැරදීමකිනි. පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ විජේවීර බව හෙළි වූයේ ඔහු විසින්ම තමා කවුදැයි පොලිසිය හමුවෙහි හෙළි කළ විටය. මර්දනයට මුහුණදීමට නොහැකි නම් පහර දෙන්නැයි කැරලි නායකයා දැන්වීය. මේ සමඟම පක්ෂය තුළ බරපතළ අභ්‍යන්තර අර්බුද ද උත්සන්න විය. නායකයෝ විජේවීරට පක්ෂව සහ විපක්ෂව බෙදුනහ. මර්දනය හමුවේ විප්ලවීය වූ ජවිපෙට පහරදීමේ විකල්පය තෝරා ගත යුතු ම විය. විජේවීරට පක්ෂව හා විපක්ෂව බෙදුණු කණ්ඩායම් දෙකම එක් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවකදී පහරදිය යුතු ඒකමතික එකම අවසන් නිගමනයට ආ යුතු විය. මෙම පහරදීම රට පුරා එකවර සිදු කළ යුතු වූ සැලැස්ම අවුල් විය. ආණ්ඩුව වහා කි‍්‍රයාත්මක විය. මෙම පහරදීම පිළිබඳව කල්තියා ආරක්ෂක අංශවලට දැන ගන්නට ලැබී තිබිණි. පොලිසිය දැනුවත්ව සූදානම් වී ප්‍රතිප්‍රහාර සැලසුම් විධිමත් කළහ.
විජේවීර නම් කැරලිකාර නායකයා මෙම තීරණාත්මක මොහොතේ සිරගතව සිටීමත්, සිය අනුගාමික පාක්ෂික නායකයන් දෙපිලකට වෙන්ව සිටීමෙන්, මුළු රටටම පහරදීමේ තීන්දුව ප්‍රමාද වී ලැබීම සහ නිවැරැදිව එය රට පුරා අදාළ තීරකයන් වෙත නොලැබීමත් මෙම කැරැල්ලේ අවිධිමත් බව ප්‍රකට කරන තවත් කාරණා වේ. කැරලිකාර නායකයාගේ අවිධිමත් අසංවිධිත බව ප්‍රකට කරන තවත් වැදගත්ම කරුණක් වනුයේ මෙම පහරදීම ජවිපෙ තීරණයක් නොවන බවත් පහරදීමක් සඳහා තමා අවසර නොදුන් බවත් මෙම නඩු විභාගයේදී විජේවීර කියා සිටීමය. විජේවීර එසේ කීවද කල්තියා දැන සූදානම්ව සිටි රජයේ ආරක්ෂක අංශවලටද මෙම කැරැල්ලට මුහුණදීම හා එය මැඬ පැවැත්වීම ලේසි පහසු කාර්යයක් වූයේද නැත. අගමැතිනියට කැරැල්ල මැඬලීමට විදේශ ආධාර පවා ලබා ගැනීමට සිදු විය.
කෙසේ වෙතත් කැරැල්ල පරාජයට පත් විය. පරාජයක් හමුවේ කි‍්‍රයා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව කිසිදු දැනුමක් අදහසක් එම කැරලිකරුවන්ට නොවීමද ජවිපෙ නායකත්වය අදූරදර්ශී බව සාක්ෂාත් කරන්නකි. ඔහු අසාර්ථක කැරලිකරුවකු ලෙස ඉතිහාසගත වෙයි.
මෙම විප්ලවකරුවා සහ කැරලිකරුවා පිළිබඳ සත්‍යය සහ මවාපෑම වර්තමාන අප හමුවේ ඇති තීරණාත්මක ප්‍රශ්නාර්ථයක් වනුයේ ඔහු අද ජීවතුන් අතර නොමැති නිසාය. එම මරණය ස්වාභාවික මරණයක් නොව පණපිටින් පුළුස්සා මරාදැමීමක් වන නිසාය. එසේම මෙම චරිතය පිළිබඳ සත්‍යය නිරවුල් කර ගැනීමට ඉවහල් විය හැකි සිය සමීපතමයින් ද ජීවත්ව නොසිටින නිසාය. එබැවින් සිනමාකරුවාට සහ රසිකයාට ද මෙම චරිතය කියැවීමට, විඳීමට හා විමර්ශනයට සාක්ෂි ලෙස ගත හැකිව ඉතිරිව ඇත්තේ තුන්වැන්නකු එම චරිත හා සිදුවීම් ගැන වාර්තා කළ කී දෑ පමණකි. අනුරුද්ධ ජයසිංහට වුවද අනුගාමික ප්‍රබන්ධකයකු ලෙස එකී සීමාව තුළ නතර වීමට සිදු වෙයි. තෙවැන්නකුගේ වාර්තාකරණයන් සෑමවිටම සත්‍යයේ ප්‍රතිනිර්මාණයක් විය හැකිය. එබඳු ප්‍රතිනිර්මාණයන් හෝ වාර්තාකථනයන් හෝ දුරස්ථ අර්ථකථනයන් සිනමා කෘතියකට පාදක වීම දෙගිඩියාව සහ කුතුහලය තවදුරටත් තීව්ර කරන්නකි.
සිනමාව යනු යමකුගේ යම් රහසක් පොදු විඳින්නා හමුවෙහි හෙළි කිරීමකි. කැරලිකරුවකුගේ රහසිගත ජීවිතය හෙළි කිරීම සිනමා ප්රකාශනයක් වන්නේ එම රහස සිනමාකරුවා සිය ආත්ම ප්‍රකාශන මාධ්‍යයෙන් හෙළිකරන අන්දම මතය. එම රූපීය හෙළිදරව්ව යැපිය යුත්තේ ප්‍රකාශන මාධ්‍යය මත මිස ඊට පාදක වන සත්‍යය මත නොවේ.
මෙම රහස, එනම් රහසිගත චරිතය, අප්රකාශිත සංකීර්ණ සිදුවීම් මාලාව යනාදිය දෙස සිනමාත්මක ගැඹුරකින් බැලිය හැකිය. ඒ සඳහා සිනමාකරුවා තම මාධ්‍යය වෙත වඩාත් යොමු විය යුතුය. රෝහණ වීජේවීර චරිතය හෝ ඔහුගේ අනුගාමිකයන්, පවුලේ සාමාජිකයන්, ජනතා විමුක්ති පෙරමුණ යනාදී සිනමාවට බැහැර සාධක මත නතර වූවකුුට ඊට බොහෝ දුරැති තම ප්‍රකාශන මාධ්‍යය මත නිවහල්ව සිට ගත නොහැක. සිනමාත්මක රහසක් විනිශ්චය කරනුයේ රසිකයාගේ දැනුමේ හා විසඳුම මට්ටම අනුවය. දේශපාලන රහසක් විනිශ්චය කරනුයේ එම දේශපාලකයා සහ සිය බැතිබර යැපෙන්නන්ය. පුද්ගලික රහසක් තීන්දු කරනුයේ සහ එය රකිනුයේ එම පුද්ගලයා හෝ කාරිය යැපෙන්නන් ය. එම රහස පාලනය කරනුයේ සිය අනුගාමිකයන් ය. සිනමා ප්‍රකාශය තුළ එම රහස ප්රතිනිර්මාණයකට ලක්වන පරිකල්පනාවක් අපේක්ෂා කරයි.
බොහෝ දෙනා සිනමාහල වෙත ඇදෙනුයේ මියගිය කැරලි නායකයකු දක්ෂ නළුවකු තුළ පුනර්භවය ලබන හැටි දකින්නටය.
කමල් අද්දරආරච්චි විසින් රෝහණ විජේවීරට නිර්මාණාත්මක උත්පත්තියක් දීම මෙම චිත්‍රපටයේ සීමාව තුළ කැපී පෙනෙන අංගයකි. මෙම අනුකරණය ආත්මීය සංක්‍රමණය වීමක් හෝ පුනර්භවයක් වන්නේ ද? නළුවා චරිතය වෙත රූපාන්තරණය වීම මෙම චිත්‍රපට සීමාවෙන් ඔබ්බට ගොස් අප විවරණයට ගත යුතුය.
කමල් තම පුද්ගලභාවය පසෙක තබා මෙකී කැරලිකරුවාගේ ආත්මීය සත්‍ය ස්වරූපය නිරූපණයට උචිත අනුකරණයක යෙදෙයි. විජේවීරගේ ශාරීරික ස්වරූපය මැනවින් නිරූපණය කෙරෙන විශිෂ්ට වේශ නිරූපණය මෙම සිනමා කෘතියෙහි දෘෂ්‍යමානය විචිත්‍රවත් කරයි. විජේවීර වෙනුවට කමල්ගේ පෙනී සිටීම යනු විජේවීරගේ චරිතය අනුකරණය කිරීම සහ මෙම කැරලිිකරුවාගේ බාහිර ස්වරූපය දෘෂ්‍යමාන කිරීම යන සීමාව තුළ උපරිමව ඇත. නමුත් මෙම විශිෂ්ට නළුවාගේ නළුකම වලංගු වන්නේ ඔහු විජේවීර නම් වූ සැඟවුණු රහස් චරිතයෙහි සත්‍ය හැඟීම් හා නිවැරැදි චර්යාවන් කෙබඳුද යන්න ගවේෂණය කිරීම අරඹන තැන් සිටය. එම ගවේෂණයට වුවමනා ප්‍රාමාණික මූලාශ්‍ර ශේෂව තිබේද යන්න මෙහිදී මතුවන ගැටලූවයි. ඒ සඳහා සාධාරණ වූ කාලයක් ලැබිණි ද යන්න තවත් අවධාරණයකි. විජේවීරගේ ශරීරය සහ ඒ තුළ සැඟවුණු ආත්මයද නළුවා විසින් ගවේෂණය කළ යුතුය. ශාරීරික ස්වරූපය සහ සත්‍ය ස්්වරූපය යනු විජේවීරගේ රහස්‍ය ප්‍රතිරූපය අරභයා වූ පරිපූර්ණ නිරූපණයයි. සම්මත පැතලි රඟපෑමක් නොවීම සඳහා අදාළ චරිතයේ ආත්මීය ජීවිතය නළුවා දැනගත යුතුය. මෙම චිත්‍රපට පාදක වනුයේ වුවද විජේවීරගේ රහසිගත ජීවිතයයි. ඔහුගේ ආත්මීය ජීවිතය තබා ශාරීරික ස්වරූපයවත් අනෙකකු නොදකින ලෙස සැඟව තිබුණකි. ඔහු ආරක්ෂා කළ සිය සමීපතම අනුගාමිකයෝද ඔවුන් අත්අඩංගුවට ගෙන විනාශ කළ සිය ප්‍රතිවාදී බලධාරීහු ද අද මෙලොව නැත. එසේ නම් චිත්‍රපටයක රඟපෑම උදෙසා, සීමිත කාල පරිච්ෙඡ්දයක් ඇතුළත ශී‍්‍ර ලංකාවේ වෘත්තීය නළුවකු විසින් මෙතරම් වූ සංකීර්ණ ආත්මීය ජීවිතයක සත්‍ය ස්වරූපය ගවේෂණය කරනුයේ කෙසේද? එබැවින් විජේවීරගේ බාහිර ස්වරූපය මනා ලෙස වෙස් ගැන්වීමේ දෘෂ්‍යමානය දෙස බලා තාප්තිමත් වීම ප්රමාණවත්ය.
විශිෂ්ට නළුවකු වන කමලගේ ප්‍රතිභාව සහ නිර්මාණාවේශය විජේවීරගේ චරිත පරිවර්තනයට සහ ප්‍රති නිර්මාණයට හේතු වී ඇත. අප විමසිලිමත් වනුයේ විජේවීරගේ ආත්මීය ස්වර්ගයට අදාළ සත්‍ය නිරූපණය මෙම නළුවාට අභියෝගයක් වන අන්දම කෙරෙහිය. මෙතැනදී මෙම විශිෂ්ට නළුවා තම සහජ ඥානයෙන් හා අභ්‍යන්තරික හැඟීම්වලින් ගොඩනඟා ගන්නා චරිත නිරූපණයකට වෙහෙසෙයි. නළුවාගේ එම කැපවීම රඳා පවත්නේ සිනමාකරුවාගේ අභිමතාර්ථ සහ ඒ තුළ පිටපත් රචකයාගේ ගවේෂණාත්මක තොරතුරු පිරිද්දීම මතය. මෙම සිනමාකරුවා සහ පිටපත් රචකයා වඩාත් සමීප වනුයේ විජේවීරගේ කතාවටය. එම කතාව තුළ සිද්ධියෙන් සිද්ධිය යා වන හේතුඵල නියාමය පදනම වූ කතා වින්‍යාසය මෙහි පිටපතෙන් ගිලිහී යනුයේ එය කතා වින්‍යාසයට (plote) වඩා කතාවට (Story) ප්රමුඛ ස්ථානය දීම නිසාය. ගැඹුරට වඩා දෘෂ්‍යමානය විචිත්‍ර ය.
විජේවීර හිරෙන් නිදහස් වෙයි. යළි කි‍්‍රයාකාරී දේශපාලනයට පිවිසෙයි. ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වෙයි. සාම්ප්‍රදායිකව ම පසුකොට රටේ තුන්වැනි බලවේගය බවට පත්වෙයි. මෙම නැඟිටීමට බිය වන දක්ෂිණාංශික රජය විජේවීරගේ පක්ෂය තහනම් කරයි. ඔවුහු සැඟවෙති. රාජ්‍ය මර්දනය හමුවේ රහසිගතව දේශපාලනය කරයි. අවසානයේ විජේවීර අත්අඩංගුවට පත් වෙයි. ඝාතනය කෙරෙයි. චිත්‍රපටයේ කතාන්දරය මෙයයි. කතා වින්‍යාසය ඉන් එහා තිබෙන්නකි. අර්ථය ගැඹුර පදනම් කොට ගත් හේතුඵල නියාමයන් විග්රහයට ගනුයේ වෘතාන්තය අතික්‍රමණය කළ කතා වින්‍යාසය තුළය. රහසිගත විප්ලවයක නියුතු වූ රහස්‍ය කැරලිකරුවකුගේ සැඟවුණු ජීවිතය සහ දේශපාලනය පිළිබඳ තුන්වැන්නකු ලියන ලද කතාන්දර මත සත්‍ය කතා වින්‍යාසයක් සිනමාත්මක බසින් ප්‍රකාශ කිරීම සඳහා සකසා ගැනීම අභියෝගාත්මකය. මෙම චිත්‍රපටය තුළ ප්‍රධාන නළුවාගේ වෙස් පෙරළියට වැසෙන පිටපතෙහි දුබලතා යනු එකී අභියෝගයේ තරම කියාපාන්නකි.
කමල් අද්දරආරච්චි විශිෂ්ට අනුකරණයක නියැළෙන අතර නිර්ව්‍යාජ රඟපෑමක නියුතු වනුයේ සුලෝචනා වීරසිංහය. මුළු චිත්‍රපටය පුරා සිනමාත්මක චරිත ගොඩනැංවුම ඇය වෙතින් ප්‍රකට වෙයි. ඇගේ චරිතය සමස්ත චිත්‍රපටය පුරා සැඟවී පෙනී නොපෙනී ගලා යයි. විජේවීර සහ සිය රහසිගත ජීවිතය වාර්තානුසාරයෙන් ගොනු කරන්නට වැඩි කාලයක් වැය කළ යුතු වීම චිත්‍රාංගනීගේ භාවයන් රූපයට නැඟීමේ අවස්ථාව පැහැර ගනී.