2019 දී එයිද නොඑයිද? 1 – ඇවිලෙන සුලුයි

ඇවිලෙන සුලුයි අධ්‍යක්ෂණය චින්තන ධර්මදාස. ලංකාවේ ඇඩ්වර්ටයිසින් වැඩ ගැන කතා කරන කොට චින්තන ගේ නම ගොඩක් කතා වෙනවා. ඇවිලෙන සුලුයි නිෂ්පාදනය අනුර සිල්වාගේ. ඇවිලෙන සුලුයි කියන්නේ චින්තනගේ පළමුවැනි අධ්‍යක්ෂණය නෙවෙයි. ඔහු මීට කලින් ස්වධීන සිනමාකරුවෙක් විදිහට වැඩක් කළා. ඒ උදය ධර්මවර්ධනත් එක්ක කරපු How I Wonder What You Are චිත්‍රපටය. ඒක බොහෝ විකල්ප තැන් වල පෙන්නපු චිත්‍රපටයක්. ප්‍රතිචාරත් හොඳයි. අපි හරිනම් මේ තමයි චින්තනගේ දෙවැනි වැඩේ.

චිත්‍රපටය ප්‍රථම වතාවට ගිය අවුරුද්දේ දෙරණ සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන Cinema of Tomorrow ඛාණ්ඩයේ ප්‍රදර්ශනයකදී තිරගත කළා. ප්‍රතිචාර නියමයි. එදා තරංගනී ශාලාවේ හිටපු බොහෝ දෙනා විසිල් පාරක් ගහල අත්පුඩියක් ගහන්න අමතක කළේ නැහැ. චිත්‍රපටයේ තවත් විශේෂයක් වුනේ චිත්‍රපටයේ පසුබිමෙහි නිතරම ඇසුනු M S ප්‍රනාන්දුගේ ‘මැණිකේ මම ආයේ ගෙදර එනවා’ ගීතය. චින්තන ඒ ගීතය ලෝබ නැතුව පාවිච්චි කරනවා. චිත්‍රපටයේ අවසානයට ඇහෙන්නෙත් නටාෂා පෙරේරා ගායනා කරන ඒකේ remix එක. දෙරණ සිනමා උළෙලේදී මතු බලාපොරොත්තු තබා ගත හැකි අධ්‍යක්ෂවරයෙක් හැටියට චින්තන නම් වුනා.

චිත්‍රපටය බජට් විදිහට හදපු නිසා ගොඩාක් දර්ශන තල දකින්න නැහැ. නමුත් එක දිගට බලන් ඉන්න පුලුවන් ප්ලොට් එකක් සහිතයි. ගොඩක් අය බලන් ඉන්නවා ඇවිලෙන සුලුයි තිරයට එනකන්. ඒත් කවදා එයිද නම් දන්නේ නැහැ. චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්දුයි සමනලී ෆොන්සේකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *