‘දැකල පුරුදු කෙනෙක්’ ළඟදීම?

තරුණ සිනමාකරුවෙක් වන මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කරන ලද ‘දැකලා පුරුදු කෙනෙක්’ ළඟදීම සිනමාහල් වලට ඒමට නියමිත බව හෙළවුඩ් POPCORN අපට දැනගන්නට ලැබුනා. දැකලා පුරුදු කෙනෙක් ගිය වසරේදී දේශීය වශයෙන් සම්මානයට පාත්‍ර වූයේ ‘මතු බලාපොරොත්තු තැබිය හැකි’ අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක් ලෙසයි. එහිදී සරසවිය සම්මානයට මෙන්ම දෙරණ සිනමා සම්මානයෙන්ද මලිත් හෑගොඩ පිදුම් ලැබුවා.

ඒ අනුව මලිත්ගේ චිත්‍රපටය මෙම වසරේ තිරගත වීමට නියමිත ලැයිස්තුවට පැමිණ ඇති බව අපට දැනගන්නට ලැබුනා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත 2 ලෙස බිමල් ජයකොඩි සහ සමාධි ලක්සිරි පෙනී සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *