හේමාල් බිමල් සාරංග තුන් දෙනාම එකට – “ආශාවරී” වැඩ ඇරඹෙයි

හින්දුස්තාන් සංගීතයේ මියුරුතම රාගය “ආශාවරී”. ඒ නමින් ලාංකික සිනමාවේ සුන්දරතම චිත්‍රපටයක් ආරම්භ වෙයි.තේජා ඉද්දමල්ගොඩ ගේ කුළුඳුල් සිනමා නිර්මාණය මෙයයි. කලකට පසු සුන්දරම ගීත ගණනාවක් සමඟින් හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, සේමිනි ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක , දිනිති වල්ගමගේ,ලසන්ත උඩුකුඹුර ,රුවී ලක්මාලි, ධනුෂ්ක ඩයස්, රොහාන් රණතුංග සහ හඳුන්වාදෙන අලුත්ම පෙම්වතිය ඉෂංකා ජාන්වි මේ සිනමා කෘතිය රංගනයෙන් වර්ණවත් කරයි.

කැමරාකරණය රුවන් කොස්තා අතිනි.මේ චිත්‍රපටය ඔහිය , දියතලාව වැනි සුන්දර ප්‍රදේශවල රූගත කිරීම් ගිය මස ආරම්භ කෙරුණා. නිරෝෂා විරාජිනි, සුරේන්ද්‍ර පෙරේරා, කුෂානි සඳරේඛා, සංඛ දිනෙත් ගීත ගායනා කරන මෙම චිත්‍රපටයේ තනු නිර්මාණය තේජා ඉද්දමල්ගොඩ සමඟින් ප්‍රවීන සංගීතවේදී සුරේෂ මාලියද්ද විසිනි.

සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනය කර ඇති මෙහි කතා සංකල්පය අධ්‍යක්ෂවරයාගෙනි.හමුදා නිලධාරියෙක් හා දෙමළ තරුණියක් වටා ගෙතී ඇති ප්‍රේමනීය කතා පුවතේ ජයලත් මනෝරත්නයන් “සුබ්‍රමනියම්” නමැති දුම්රිය ස්ථානධිපතිවරයෙකුගේ චරිතය නිරූපණය කරයි.ඉතාම සිත්ගන්නා සුලු ආදර කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටිය නන්දන වික්‍රමගේ සහ කැලුම් ශ්‍රීමාල්ගේ ගී පද රචනයෙන් හැඩ වේ. කලා අධ්‍යක්ෂණය සුනිල් ප්‍රේමරත්න විසින්ද දමින්ද ඩී මඩවල හා ඉඳුනිල් දැරණියගල සහය අධයක්ෂණයෙන්ද , ඇඳුම් නිර්මාණය ලසන්ත උඩුකුඹුර සහ අංග රචනයෙන් ඉන්දික උදාර ගෙන් හැඩ ගැන්වෙන ‘අශාවරී’ මීඩියා විෂන් නිශ්පාදනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *