සිනමා සක්විති පුත් දමිත් ෆොන්සේකා සිය 50 වැනි උපන් දිනය සමරුවේ පසුගිය 22 වෙනිදා. එදා බොහෝ පිරිසක් එන්න සූදානම් වුනා ඔහුගේ උපන් දිනය ඔහුත් එක්ක සමරන්න. ඒ එන හැමෝටම දමිත් පොඩි ඉල්ලීමක් කළා. ඒ තමයි හෙන හැමෝම තෑගි ගෙන ඒමෙන් වලකින හැටියට. ඒ වෙනුවට ඔහු ඉල්ලීමක් හැටියට කළේ ඔහුට නිදහස් කිරීම සඳහා සතුන් රැගෙන එන ලෙස. හැමෝම ඔහුට නිදහස් කරන්න කුරුල්ලන් ගෙනාවා. දමිත්වත් පුදුම වුනා සමහරු ඔහුට ගවයන් කුකුළන් ගේනකොට. ඒ අතරේ හෙළවුඩ් POPCORN අපිට ලැබුනා දමිත් කුරුල්ලන්ව නිදහස් කරපු විදිහ. දමිත් අපට කිව්වා ලැබිච්ච ගවයන් නිදහස් කරන්න වෙන දවසක යනවා කියලත්. ඉතින් ඒක තමයි හොඳම විදිහ.
50 සමරන හොඳම විදිහ දමිත්ගෙන්..
