සිනමාව හැඩ කළ POPCORN හැන්දෑව…

ලාංකේය සිනමාවට තවත් සුවිශේෂි දිනයක් වූ පසුගිය 23 වනදා හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාව ජනගත වුනා. අපේ සිනමාවේ තුන්කල් කතාබහක් සමඟ www.helawoodpopcorn.com අපගේ සිනමා බ්ලොග් අඩවියද වෙබ් අවකාශයට මුදාහැරුනේද ලාංකේය සිනමාවේ ප්‍රවීණයන් අතින්. ඒ අතර අපේ සිනමා කතාව පෝෂණය කළ ජ්‍යෙෂ්ටයන් තිදෙනෙක් හට ප්රණාම පුද කිරීමක්ද හෙළවුඩ් POPCORN තුල සිදු වුනා. ඒ අපේ සිනමාවේ දැනට සිටින ජ්‍යෙෂ්ටතම ශිල්පිනිය වන ලතා වල්පොල මැතිණියට, ප්‍රවීණ කැමරා ශිල්පි හා අධ්‍යක්ෂක දයා විමලවීර මැතිතුමාට සහ සටන් නළු විල්සන් කරුණාරත්න මැතිතුමා හටයි. උණුසුම් ප්‍රතිචාර සමඟ නිමා වූ 23 හැන්දෑවේ පැවති හෙළවුඩ් POPCORN – අපේ සිනමා කතාවේ සුවිශේෂි දසුන් පහතින්.