සම්මත වූ ඇගේ ආවේගය….

ධනුෂ්ක විජේසූරිය වෘතිය චායාරූප ශිල්පියෙක් වන අතර 2007 වසරේ කැළනිය විශ්වවිද්‍යාලයේ උපාදිය හදාරනවා. ඒ අතරතුර කෙටි සිනමාකරනයට යොමුවන්නේ 2016 අවුරුද්දේ පමණය. ඒ ඔහු විසින් තිර පිටපතක් රචනා කර අධ්‍යක්ෂනය කරන ලද සිරකරුවෝ කෙටි සිනමාපටය හරහාය. එහි දර්ශන් ධර්මරාජ් සහ අනෝමා ජනාදරී රංගනයෙන් දායක වෙනවා. එය දේශීය විදේශීය සිනමා උළෙලවල් බොහොමයක් නියෝජනය කර ජයග්‍රහන අත්කර ගැනීමට සමත් වනවා.

ඔහුගේ දෙවැනි කෙටි සිනමාපටය නිර්මාණය වන්නේ කොරෝනා සමය පාදක කරගෙනයි. The phone Call නමින්, ඇජෙන්ඩා 14 අනුග්‍රහයෙනි. එහි නිෂ්පාදන කටයුතු සිදුවුනේ අනෝමා රාජකරුනා මහත්මිය විසිනි. Good Night Colombo කෙටි චිත්‍රපට මාලාවේ ඔන්ලයින් Online තාක්ෂණය හරහා එය ජනතාවට දැක ගැනීමට හැකියාව ලැබුනා.

ධනුෂ්ක විජේසූරියගේ නවතම කෙටි සිනමා පටය “අනිච්ජානුග” යි. එය පවුල් ඒකකයක් වටා ගෙතුන වගකීම්, විවාහය සහ මානව හැගීම් පිළිබදව කතා කරන කෙටි විවරණයකි.

ඉන්දියාවේ පැවැත්වෙන ගෝවා ජාත්‍යන්තර කෙටි සිනමා උළෙල නියෝජනය කිරීමට අනිච්ජානුග කෙටි චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත. මෙම කෙටි චිත්‍රපටය, ච්ත්‍රපට උළෙලක් මෙන්ම, විදේශීය සිනමා උළෙලක් නියෝජනය කරන පළමුවන අවස්තාවයි.

“අනිච්ජානුග” කෙටි චිත්‍රපටයේ නිර්මාණකරු වන ධනුෂ්ක විජේසූරිය ඇතුළු එම චිත්‍රපටය සදහා දායක වුණු සියලුම දෙනාටම හෙළවුඩ් සතියේ සිනමාවෙන් සුභපැතුම් ගෙන එන අතර, “අනිච්ජානුග” කෙටි චිත්‍රපටයට ජාතියන්තර සම්මානයන් රැසක් හෙළවූඩයට තිළිණ කිරීමට හැකියාව වාසනාව ලැබේවායි හෙළවුඩ් අප කණ්ඩායම සුභ පතමු.

නළු නිළියන්
නයදාරා ගිම්හානි තිරිමාන්නේ
ශාලිත ගුණවර්දන

අධයක්ෂනය සහ පිටපත
දනුශ්ක විජේසුරිය

වේශ නිරූපණය
ශාලිත ගුණවර්දන

ජායාරූප අධයක්ෂනය
රජීව BK

සංස්කරණය/වර්ණ සංයෝජනය/ශබ්ද
ලියෝන් ලක්රුවන් විජේසිංහ

නාමාවලි පසුබිම් සංගීතය
ජිනිදු ප්‍රවීන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *