Fahadh Faasil…. ෆහාඩ් ෆාසිල්….

ඉන්දියානු සිනමාවේ යතාර්ථවාදි සිනමාව ලෙස හදුන්වන්නේ මලයාලම් සිනමාවයි. මලයාලම් සිනමාවට බිහිවුනු විශිෂ්ඨ චරිතාංගන රංගන ශිල්පියෙක් හා සාර්ථක චිත්‍රපට නිෂ්පාදනවරයෙකු වන ඔහු නමින් අබ්දුල් හමීඩ් මොහොමඩ් ෆහාඩ් ෆාසිල් නැතිනම් ෆහාඩ් ෆාසිල්.. ෆාසිල් උපත ලබන්නේ 1982 වසරේ අගොස්තු මස 8 දින කේරළ ප්‍රාන්තයේ කෝචිං නගරයේ උපත ලැබුය. ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ෆාසිල් සහ ඔහුගේ බිරිඳ රොසිනාගේ පුත්‍රයා වන ඔහුට සහෝදරියන් දෙදෙනෙකු වන අහමෙඩා සහ ෆාතිමා සිටින අතර සහෝදර ෆර්හාන් ද නළුවෙකි. ඔහු පාසැල් අධ්‍යාපනය හදාරා ඇත්තේ SVD මධ්‍යම පාසල, ඇලප්පූෂා, Lawrence School Ooty පාසල සහ තේරීම් පාසල ත්‍රිපුනිතුරා යන පාසල් තුලින්ය.ඔහු උපාධිය හැදෑරුවේ ඇලෙප්පේ සනතාන ධර්ම විද්‍යාලයෙන් සහ එක්සත් ජනපදයේ මයාමි විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කරන ලදි. ඔහු 2014 ජනවාරි 20 වන දින මලයාලම් සිනමා නිළි නස්රියා නසීම් සමඟ විවාහ ගිවිස ගත්තේය.

ෆාසිල් මුලින්ම මලයාලම් සිනමාවට පිවිසියේ ඔහුගේ පියාගේ නිර්මාණයක් වුන 2002 වසරේ තිරගතවු Kaiyethum Doorath හරහාය. නමුත් ඒ සිනමාපටය ආදයම් අතින් අසාර්ථකත්වයට පත්විය. වසර කිහිපයක නිහැඩියාව බිදදමින් ඔහු නැවත එක්වන්නේ මලයාලම් සිනමාවේ අති දැවැන්ත නිර්මාණයක් වන Kerala Cafe හරහාය. 2010 වසරේ සිනමාපටයන් කිහිපයකට එක්වු ඔහු Pramani, Cocktail, Tournament හා Best of Luck හරහාය. තමන්ගේ රංගනය හැකියාව මැනවින් ඉස්මතු වෙන්නේ සමීර් තාහිර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවු Chaappa Kurish හරහාය. හොදම සහය රංගනය වෙනුවෙන් කේරලා ප්‍රාන්ත චිත්‍රපට සම්මානය හා ෆිල්ම් ෆෙයාර් සම්මාන නිර්දේශය දිනාගන්නා ලදි. 2012 වසරේ තිරගතවු 22 Female Kottayam චිත්‍රපට වෙනුවෙන් හොදම රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන හා වනිතා සම්මාන දිනාගන්නා අතර Diamond Necklace වෙනුවෙන් හොදම රංගනය උදෙසා SIIMA විචාරක සම්මාන පිදුම් ලැබිය. 2013 වසරේ චිත්‍රපට රාශියක දායකත්වය සැපයිය අතර අනිල් මේනන් නිර්මාණය කර North 24 Kaatham චිත්‍රපට රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන හා කේරලා ප්‍රාන්ත චිත්‍රපට සම්මානය දිනාගන්නා ලදි. ශාම්ප්‍රසාද් අධ්‍යක්ෂණයෙන් හැඩවු Artist චිත්‍රපටය වෙනුවෙන් කේරලා ප්‍රාන්ත චිත්‍රපට සම සම්මාන දිනාගන්නා ලදි. මිට අමතරව 2013 වසරේ Annayum Rasoolum, Natholi Oru Cheriya Meenalla, Red Wine, Amen, Immanuel, Akam, 5 Sundarikal, Olipporu හා D Compny රංගනයෙන් එක්වුහ. එම වසරේ සාර්ථක රංගන ශිල්පියා වෙනුවෙන් Asianet සම්මාන දිනාගන්නා ලදි. 2014 වසරේ දී අංජලී මෙනෙන්ගේ අති සාර්ථක නිර්මාණයක් වු Bangalore Days හි රංගනයෙන් එක්වු ඔහු හා නස්රියා නසීම්, දුල්කර් සල්මාන් හා නිවින් පොල් එක්විය. ඒ සදහා ෆිල්ම් ෆෙයාර් සම්මාන නිර්දේශයක් දිනාගන්නා ලදි. ඊට අමතරව තම ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය වන Iyobinte Pusthakam චිත්‍රපට වෙනුවෙන් ද SIIMA සම්මානය උලෙළේ හොදම චිත්‍රපටය, හොදම රංගනය හා හොදම නිෂ්පාදනය වෙනුවෙන් නිර්දේශ ලබාගන්නා ලදි..

2015 වසරේ තිරගතවු Maheshinte Prathikaaram චිත්‍රපටයේ අපුරුම රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර් හා SIIMA සම්මානයන්ට නිර්දේශ විය. එය ඔහුගේ ප්‍රථම බ්ලොක්බස්ටර් ඝනයේ චිත්‍රපටය විය. 2017 වසර ඔහුගේ රංගනය ජිවිතේ වැදගත් වසරක් විය. දිලේෂ් පොතන් අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Thondimuthalum Driksakshiyum නම් අතිසාර්ථක නිර්මාණයේ කල සුවිශේෂී රංගනය වෙනුවෙන් සම්මානය රාශියක් දිනාගැනීමට හා නිර්දේශ විමට හැකිවිය. හොදම සහය රංගනය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මානය පිදුම් ලැබිම ඔහු ලද ජයග්‍රහණයක් විය. මීට අමතරව හොදම රංගනය වෙනුවෙන් ෆිල්ම් ෆෙයාර්, Asianet, CPN Cine, උතුරු ඇමරිකානු චිත්‍රපට හා අන්තර් ජාතික චිත්‍රපට සම්මානයන් දිනා ගන්නා ලදි. ඔහු රංගනයෙන් එක්වු Take off චිත්‍රපට ද සාර්ථකත්වයට පත්විය. ඔහුගේ ප්‍රථම දමිල චිත්‍රපට රංගනය වන Velaikkaran සිනමාපටය හරහාය. 2018 වසරේ දී නිර්මාණය වුන සම්මානීය චිත්‍රපටයක් වන Carbon හි රංගනයෙන් එක්වුහ. එක් වරකදී වැඩිම කේරලා ප්‍රාන්ත චිත්‍රපට සම්මාන ප්‍රමාණයක් දිනාගන්නා ලද සිනමා නිර්මාණය විය. Varathan හා Njan Prakashan අති සාර්ථකත්වයක් ලබා ගැනිමට සමත්වුයේ කෝටි 100 වැඩි ආදයමක් ලබා ගැනිමට. 2019 වසරේ තිරගතවු තමන්ගෙ නිෂ්පාදනයක් වු Kumbalangi Nights චිත්‍රපට එතෙක් මෙතක් බිහිවුනු හොදම මලයාලම් චිත්‍රපට අතරින් එකක් විය. කෝටි 40 උපයාගැනිමට සමත්වු අතර ඔහුගේ රංගනය වෙනුවෙන් කේරලා ප්‍රාන්ත සම්මාන දිනාගන්නා ලදි. එම වසරේ තිරගතවු Super Deluxe හා Athiran ඔහුගේ වඩාත් සාර්ථකත්වයට පත්වුන නිර්මාණයන් විය. 2020 වසරේ තිරගතවු තවත් සුවිශේෂී නිර්මාණයක් වුන අන්වර් රාෂීඩ් අධ්‍යක්ෂණයෙන් හැඩවු Trance චිත්‍රපටයේ ඔහුගේ අති සාර්ථක රංගනය විචාරකයන්ගේ ධනාත්මක විචාරන රාශියක් හිමිවිය. 2021 වසරේ නිර්මාණය වුන Irul හා Joji හි ඔහුගේ රංගනය රසික අතර වඩාත් ජනප්‍රියත්වයක් ලබා ගැනිමට සමත්විය. මහේෂ් නාරායන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණයන් වුන Malik හා Malayankunju මෙම වසරේ තිරගත විමට නියමිතයි. සුකුමාර් අධ්‍යක්ෂණයෙන් හැඩවු අල්ලු අර්ජුන් හා රශ්මිකා මන්දනා සමගින් රංගනයෙන් එක්වු Pushpa ඔහුගේ පලමු තෙලිගු චිත්‍රපට ඉදිරියේ තිරගත විමට නියමිතයි. කමල් හසන් හා රංගනයෙන් එක්විමට Vikram චිත්‍රපටයද ඉදිරියේ තිරගත විමට නියමිතයි.

මෙම සටහන සිනමාවේදීන් – The Cinema People පිටුවට ලියන්නේ ප්‍රබෝධ හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *