උපුල්ශාන්ත සන්නස්ගල සිනමා ප්‍රවේශය “තංගමලේ ඩයරීස්” එළියට

උපුල්ශාන්ත සන්නස්ගල සිනමා ප්‍රවේශය ලබන “තංගමලේ ඩයරීස්” නිර්මාණයේ ආරම්භය සනිටුහන් කරේ පසුගියදා උපුල්ශාන්ත සන්නස්ගලගේ උපන්දිනය දවසේ….

එදිනම ඒ ගැන උපුල්ශාන්ත සන්නස්ගල සිය මුහුණුපොතට එක් කර තිබු සටහන පහතින්

මගේ ෆිල්ම් එක !

තංගමලේ කන්ද උඩ තාපසාරාමෙ පැත්තෙන් මීදුම පහළට ආවේ ඕංං කාරයක් එක්ක. එයාගේ සුරතාන්ත සුසුම් හඬ නැවතුණේ පාලකයා ඝාතනය වුණාට පස්සෙ.තංගමලේ වත්තෙ තේ ගස් යට දරුවාගේ මෘතදේහය උණුසුම් ව තිබුණා .හාමුදුරුවෝ ගස් ගියා.මීදුම යට තංගමලේ ගම සීතලේ ඇකිළුණා. තංගමලේ ටවුමේ හරක්මස් කඩේ පාන්දර වණික් පූජාවට කපුටන්ට බඩවැල් කීතු ඉස්සා. වත්තේ මිනිස්සු හරක් මස් කන්නේ නෑ.රිදී පාට නාගයා උමංකඳුරෙන් මතුවෙලා ඔහිය හරියෙන් කොළඹ යන්න බෙනේට රිංගුවා.ඇඩිසම් අභය භූමියේ තාම ඌරු මස් තියෙනවා .
තනියන් බුදුවෙලා ආතල් නෑ කියලා හිතපු එකෙක් සාමූහික බුද්ධත්වය යෝජනා කළා.

◦ ට්‍රිප් එක පටන් ගත්තේ කේරළේ කොචි සිටි එකෙන්.
◦ ෆිල්ම් එකේ නම තංගමලේ ඩයරීස්
◦ ලබන අවුරුද්දේ මාර්තු 2 වෙද්දී කොටහේනෙන් ගෙනාපු මෝලං පාරක් එක්ක මරදානේ ෆිල්ම් හෝල් එකක ‘තංගමලේ ඩයරීස්’පෙන්නන්න මට ආසයි.
මං ෆිල්ම් තුනක් නිෂ්පාදනය කළා.මට මේ ෆිල්ම් එකට නිෂ්පාදකයෙක් නෑ.මගේ ෆිල්ම් එකේ ටයිට්ල් බෙල්ට් එකේ තිබුණේ
◦ මාකඳුරේ මදූෂ් නිෂ්පාදනය
◦ උපුල් ශාන්ත සන්නස්ගල අධ්‍යක්ෂණය
නිෂ්පාදක මියගියා .
◦ අධ්‍යක්ෂ මැරෙන්න ඉස්සර මේක කරන්න ඕන .
◦ මට ඔබ අවශ්‍ය වෙලාව මේ. මගේ ඩ්‍රීමි එක ප්ලෑන් එකක්. අවශ්‍යයි කියන්නෙ අත්‍යවශ්‍යයි කියනෙක නෙවෙයි. මං වැඩේ කරනවා. මේ අපේ ප්‍රඩක්ෂන්
කෲ ටීම් එක!

◦ තංගමලේ ඩයරීස් එළියට දාපු දවස අද.
◦ Happy Birthday ‘ තංගමලේ ඩයරීස්’

✓ Production Crew
◦ චන්න දේශප්‍රිය
◦ අතුල ජයසිංහ
◦ තරිඳු උඩුවරගෙදර
◦ සුසිත් විජයමුණි
◦ තරිඳු දේශප්‍රිය
◦ ඩිලංක රංගනාත්
◦ චින්තක ජයකොඩි
◦ බිහිසර පලවින්න
◦ ලක්රුවන් ද සේරම්
දර්ශන වේවැල්පනාව
◦ චරිත් වික්‍රමතිලක
◦ රන්ජන රාජපක්ෂ
◦ නාරද තොටගමුව
◦ ලසන්ත උඩුකුඹුර
◦ රමේෂ් කේෂාන්
◦ කේ කේ ශ්‍රීනාත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *