සායි පල්ලවී රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම

Udugula Venuගේ අධ්‍යක්‍ෂණයෙන් සහ D. Suresh Babuගේ නිෂ්පාදනයක් වන Virata Paravam නම් තෙලිඟු චිත්‍රපටය ලබන අප්‍රේල් මාසයේදී තිරගත වීමට නියමිත බව වාර්තා වනවා.

සුරූපි නිළි Sai Pallavi සහ Rana Daggubati ප්‍රධාන චරිතයන් සඳහා එක්වන මෙම චිත්‍රපටයේ ඇතුළත් ඉතාම සුන්දර ගීතයක් වන කොලු කොලූ (Kolu kolu) නම් ගීතයෙහි වීඩියෝ පටය පසුගිය 25 වැනිදා එළි දැක්විණ.

එම වීඩියෝව තුළ අඩක් සාරි විලාසිතාවක් සහිත විසිතුරු ඇඳුමකින් සැරසුණු සායි පල්ලවී දර්ශනීය ස්ථානයක නර්තනයේ යෙදෙමින් සිටින කොටසක් ඇතුළත් වන අතර එසේ නර්තනයේ යෙදෙන සායි පල්ලවීගේ රුව සහිත මනරම් පෝස්ටර් එකක් පසුගියදා නිෂ්පාදකයන් විසින් අන්තර්ජාලයට එක් කර තිබුණා.

ඒත් සමඟ මෙම පෝස්ටර් එක සඳහා ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණු බවත්, එවැනිම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් Virata Parvam චිත්‍රපටය සඳහාත් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *