කොලිවුඩ් නළු සිලම්බරසන්ගෙන් ප්‍රජා සත්කාරයක්

දක්ෂ කොලිවුඩ් රංගන ශිල්පිනියකු වන සිලම්බරසන් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ කටයුත්තක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව තිබෙනවා.

ඒ සඳහා වෙනස් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට තීරණය කර ඇති අතර කිසිදු මුදල් අය කිරීමකින් තොරව චිත්‍රපටයට සම්බන්ධවීමට විශාල රංගන ශිල්පීන් පිරිසක් එක් රොක් වී සිටිනවා.

සංගමයේ ප්‍රධානීන් විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම චිත්‍රපටය තුළින් උපයන මුදල පීඩාවට පත්ව සිටින කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ගේ වෛද්‍ය වියදම්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ජීවිත හා වෛද්‍ය රක්ෂණයන් වෙනුවෙන් යොදවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *