“මාලිනී” රංගන චාරිකාව අගයමින් “ආයු” (Ayu) චිත්‍රපටයේ පැවති විශේෂ දැක්ම – Photos සහිතයි

“ආලෝකෝ උදපාදි” චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකේය සිනමාවට අවතීර්ණ වූ චත්‍ර වීරමන්ගේ දෙවෙනි සිනමා නිර්මාණය වන “ආයු” (Ayu) චිත්‍රපටයේ විශේෂ දැක්මක් ඊයේ (22) පැවතුණා සැවෝයි සිනමා ශාලාවේදී…

විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සිංහල සිනමාවට නිෂ්පාදකවරයකු ලෙසින් ‍ෙදාරට වඩිමින්ද, සිංහල සිනමාවේ නිළි රැජන වූ මාලිනී ෆොන්සේකාගේ දශක හතක රංගන චාරිකාවේ එකසිය පනස් වන රංගනය සනිටුහන් කරනා චත්‍ර වීරමන්ගේ දෙවැනි සිනමා සම්ප්‍රාත්තිය වූ “ආයු” සිනමා ප්‍රේක්ෂකයින්ට මේ වසරේදී දැක බලා ගන්නට පුළුවන්.

ආයුහි රංගනයෙන් සැන්ඩ්‍රා මාක්, ජගත් මනුවර්ණ, මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, කෙනාරා වීරතුංග , සමනලී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර, තුමිඳු ‍ෙදාඩම්තැන්න, දසුන් පතිරණ, නලින් ලූසේනා, උදය අබේසුන්දර ඇතුළු විශාල නළු නිළි පිරිසක් දායකත්වය ලබා දී තිබෙනවා.

එදින සුවිශේෂී දසුන් කැමරා ගත කර ගත්තේ Creative Focus Photography හි හසිත විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *