සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ලොව “A” ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධාන ජූරියට

සම්මානිත සිනමාපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා ලොව “A” ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධාන ජූරියට තේරී පත් වී තිබෙනවා.

ප්‍රසන්න විතානගේ මහතාට හිමිව ඇත්තේ 2021 වසරේ අන්තර්ජාතික සිනමා උළෙලක ජූරියක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා වීමේ අවස්ථාවයි.

ඒ අනුව මේ මස 16 සිට 24 දක්වා ඉන්දියාවේ ගෝවෙහි පැවැත්වෙන 51 වෙනි ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ (International Film Festival of India) ප්‍රධානතම නිළ අන්තර්ජාතික ජූරිය නියෝජනය කරනු ඇති.

ආර්ජන්ටිනාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රියාව, ඉන්දියාව, සහ බංගලාදේශය වැනි රටවල සමාජිකයින් 5 දෙනෙකු මෙවර උළෙලේ ප්‍රධාන ජූරියට තෝරාගෙන ඇති අතර,එම ජූරියේ සභාපතිත්වය හිමිව ඇත්තේ ආර්ජන්ටිනා ජාතික සිනමා අධ්‍යක්ෂ පබ්ලෝ සිසර් හටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *