ටොම් හෑන්ක්ස් කොරෝනාට හසුවෙයි

ඔස්කාර් සම්මානලාභී දැවැන්ත හොලිවුඩ් රංගවේදියෙක් වන ටොම් හෑන්ක්ස් කොරෝනා වයිරසයට හසුවී ඇති බවට ලෝක මාධ්‍යය වාර්තා කරනවා. පසුගිය දින කිහිපයේ ඔහු සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ චාරිකා කරමින් සිටියදී ඔවුන් කොරෝනා වෙත නිරාවරණය වී තිබෙනවා.

මෙලෙස ටොම් හෑන්ක්ස් සහ බිරිඳ ඔස්ට්‍රේලියාව වෙත පැමිණියේ එල්විස් ප්‍රෙස්ලිගේ චරිතය හා බැඳුනු චිත්‍රපටයක් රූ ගත කිරීමටයි. ඒ වන විට ඔවුන් සිට ඇත්තේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ටොම් හෑන්ක්ස් මේ පුවත තහවුරු කර තිබෙන අතර ඔහු සහ බිරිඳ නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

මේ වන විටත් සිනමාව සඳහා සැලකිය යුතු බලපෑමක් කරමින් සිටින කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට ලොව පුරා තිබෙන සිනමා සමාගම් දැඩිව කටයුතු කරගෙන යනවා.

ටොම් හෑන්ක්ස් මේ වන විට 63 වන වියේ පසුවෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *