Filmfare නිමයි. ‘කුණු කොල්ලෙක්’ සම්මාන ඉතිහාසය වෙනස් කරයි…

බොලිවුඩයේ අග්‍රගණ්‍ය සිනමා මංගල්‍යය 65 වන Filmfare සම්මාන රාත්‍රිය පසුගියදා නිමා වුනා. මෙවර සම්මාන උළෙල පැවැත්වුනේ ගුවාහටි නුවරයි. උළෙලේ ඉතිහාසය උඩු යටිකුරු කරමින් සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කළ ‘Gully Boy’ චිත්‍රපටය වාර්තාගත සම්මාන 13ක් දිනා ගනු ලැබුවා. ඒ Kabir Singh, Uri, Article 15, War වැනි විශිෂ්ට චිත්‍රපට පසෙකින් තිබියදී. එහිදී Gully Boy ප්‍රධාන චරිත රඟපෑ රන්වීර් සිං සහ ආලියා භාත් හොඳම නළු නිලි සම්මාන දිනා ගත්තා.

හොඳම චිත්‍රපටය – Gully Boy

හොඳම අධ්‍යක්ෂණය – Zoya Akhtar (Gully Boy)

හොඳම චිත්‍රපටය (විචාරක සම්මානය) – Article 15 (Anubhav Sinha) සහ Sonchiriya (Abhishek Chaubey)

හොඳම නළුවා – Ranveer Singh (Gully Boy)

හොඳම නළුවා (විචාරක සම්මානය) – Ayushmann Khurrana (Article 15)

හොඳම නිළිය – Alia Bhatt (Gully Boy)

හොඳම නිළිය (විචාරක සම්මානය) – Bhumi Pednekar සහ Taapsee Pannu (Saand Ki Aankh)

හොඳම සහය නිළිය – Amruta Subhash (Gully Boy)

හොඳම සහය නළුවා – Siddhant Chaturvedi (Gully Boy)

හොඳම ගීත ඇල්බමය – Zoya Akhtar-Ankur Tewari (Gully Boy)

Mithoon, Amaal Mallik, Vishal Mishra, Sachet Parampara සහ Akhil Sachdeva (Kabir Singh)

හොඳම ගීත රචනය – Divine සහ Ankur Tewari ‘Apna Time Aayega’ (Gully Boy)

හොඳම ගායකයා – Arijit Singh ‘Kalank Nahi’ (Kalank)

හොඳම ගායිකාව – Shilpa Rao ‘Ghungroo’ (War)

හොඳම කුළුඳුල් අධ්‍යක්ෂ – Aditya Dhar (Uri: The Surgical Strike)

හොඳම කුළුඳුල් නළුවා – Abhimanyu Dassani (Mard Ko Dard Nahi Hota)

හොඳම කුළුඳුල් නිළිය – Ananya Pandey (Student Of The Year 2, Pati Patni Aur Woh)

හොඳම ස්වතන්ත්‍ර කතාව – Anubhav Sinha සහ Gaurav Solanki (Article 15)

හොඳම තිර රචනය – Reema Kagti සහ Zoya Akhtar (Gully Boy)

හොඳම දෙබස් – Vijay Maurya (Gully Boy)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *