යොවුන් සිනමා උළෙලේ චිත්‍රපට හෙට සිට (29) තිරයට

ජාතික තරුණ සේවා සභාව 8 වැනි වතාවටත් සංවිධානය කරන යොවුන් සිනමා උළෙලේ අවසාන වටයේ චිත්‍රපට හෙට (29) සහ අනිද්දා (30) දින වල ප්‍රදර්ශනය වනවා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී.

ඉදිරිපත් කළ කෙටි වාර්තා සහ කෙටි වෘත්තාන්ත සිනමාපට අතරින් ප්‍රශස්ත සිනමාපට කිහිපයක් එම දිනවල ප්‍රදර්ශනය වීමට නියමිතයි. සවස 5.00 සිටයි එම චිත්‍රපට තිරගතවීම් ආරම්භ වන්නේ.

නොවැම්බර් 30 වනදා වාර්තා චිත්‍රපටකරණය පිළිබඳ විශේෂ වැඩමුලුවක් සංවිධානය වන අතර දෙසැම්බර් 1 වනදා සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙනවා.

ප්‍රදර්ශනය සඳහා ඇතුලුවීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *