‘විෂම භාග’ දෙසැම්බරයේ…?

ලෝකය පුරා සම්මාන උළෙලවල් රැසකින් ඇගයුමට ලක්වූ ලලිත් රත්නායකගේ ‘විෂම භාග’ චිත්‍රපටය ලබන දෙසැම්බරයේදී තිරගත වීමට නියමිත බව හෙළවුඩ් POPCORN වෙත වාර්තා වනවා. ඒ අනුව දෙසැම්බර් මස අග වන විට සිනමාහල් රැසක එය තිරගත වනු ඇත.

ලෝකයේ සුප්‍රකට ෂැoහායි සිනමා උළෙල ඇතුලු ලෝකයේ නම් දැරූ උළෙලවල් රැසකම නියෝජනය ලැබූ ‘විෂම භාග’ චිත්‍රපටයේ ශිල්පීන් විවිධ මට්ටමෙන් ඇගයුම් ලැබුවා. ලලිත් රත්නායක ගේ අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනයද රංගන ශිල්පීන්ගේ කුසලතාවන්ද එහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.

ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුලු රංගන ශිල්පීන් රැසක් විෂම භාග චරිත නිරූපණය කරනවා.

‘විෂම භාග’ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *