ආචාර්ය සෝමරත්න දිසානායකගේ ‘සුනාමි’ විශේෂ දර්ශනය දා.. (Photos)

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරන ලද ‘සුනාමි’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා පැවැත්වුණා. ඒ වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී. ක්ෂේත්‍රයේ පිරිස් මෙන්ම මාධ්‍යවේදීන් විශාල සංඛ්‍යාවක් මෙදින විශේෂ දර්ශනය සඳහා එක් වී සිටියා.

සුනාමි චිත්‍රපටය දැවැන්ත නිෂ්පාදනයක් වන අතර 2004 සුනාමි ව්‍යසන සමයේ සංවේදී, සත්‍යය කතාවක් ආශ්‍රයෙන් නිර්මිතයි. ‘සුනාමි’ නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන්. නිරංජනී ශන්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුලු ශිල්පීන් විශාල ප්‍රමාණයක් ‘සුනාමි’ සඳහා දායකත්වය ලබා දී ඇත.

‘සුනාමි’ ළඟදීම තිරගත වීමට නියමිතයි.

YouTube – https://www.youtube.com/channel/UCAiHJ7j-XvZSn_ZSgVZ3XjA…


Leave a Reply

Your email address will not be published. Required fields are marked *