මහා ගාන්ධර්ව සිනමා සප්තකය නොවැම්බර් 1 සිට

පණ්ඩිත් අමරදේවයන්ගේ 3 වන ගුණ සමරුව නිමිති කොට ගෙන පවත්වන ‘මහානර්ඝ ගාන්ධර්ව ගුණ සමරු සිනමා සප්තකය’ සිනමා උළෙල නොවැම්බර් 1 සිට 3 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාශාලාවේදී.

මෙහිදී පණ්ඩිත් අමරදේවයන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට රැසක් මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

නොවැම්බර් 1 සිකුරාදා දින සවස 6.00 ට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයෙන් උළෙල ආරම්භ වීමට නියමිතයි.

නොවැම්බර් 2 සෙනසුරාදා සවස 2.00 ට තරංගා, සවස 4.45 ට වෙසතුරු සිරිත සහ රාත්‍රී 7.00 ට රන්සළු චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

එමෙන්ම නොවැම්බර් 3 ඉරිදා උදෑසන 10.30 ට මඩොල් දූව, සවස 2.00 ට දෙලොවක් අතර මෙන්ම සවස 6.00ට සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා යන චිත්‍රපටද ප්‍රදර්ශනයට නියමිතයි.

නොවැම්බර් 3 ඉරිදා සවස 4.00 ට අවසන් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පෙර විශේෂ සංගීත කතිකාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා මහාචාර්ය කෝලිත භානු දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි, දර්ශන රුවන් දිසානායක, දිනේෂ් සුභසිංහ සමඟින් අජිත් කුමාරසිරි යන නිර්මාණවේදීන් සහභාගී වේ.

එමෙන්ම සෑම චිත්‍රපටයක්ම ආරම්භ වීමට පෙර ප්‍රවීණ නිර්මාණවේදීන්ගේ කෙටි දේශනයක්ද උළෙලට ඇතුලත් වේ.

උළෙල සංවිධානය කරන්නේ අමරදේව පදනම විසින්.

ඇතුල්වීම නොමිලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *