ප්‍රසන්නගේ ‘ගාඩි’ 2020 දී. අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදනයත් ආරම්භ වෙයි. (ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක්)

ගාඩි චිත්‍රපටයේ ලෝක මංගල දැක්මට සමගාමීව variety.com ජාත්‍යන්තර සිනමා වෙබ් අඩවිය ලාංකේය සිනමාකරු ප්‍රසන්න විතානගේ සමඟ කළ කෙටි කතාබහේ සංක්‍ෂිප්ත අනුවර්තනය.

සාකච්ඡාව නමන් රාමචන්ද්‍රන් විසින්.

ශ්‍රී ලාංකික ස්වාධීන සිනමාකරු ප්‍රසන්න විතානගේ ‘ගාඩි’ චිත්‍රපටයේ මංගල දර්ශනය බූසාන් චිත්‍රපට උළෙලේදී පැවැත්වුණා. මෙම කතාවට පසුබිම් වන්නේ 1814 මහනුවර රාජධානියේ රදල කාන්තාවක් රොඩී කුලයට පිටුවහල් කළ පසු ඇයගෙ අනන්‍යතාවය රැක ගැනීමට දරන උත්සහය සහ දකුණු ඉන්දියානු රජුට විරුද්දව කරන කැරැල්ල හා බ්‍රිතාන්‍ය ආගමනයයි.

මෙම චිත්‍රපටය අනන්‍යතා දේශපාලනය ඉදිරියට පැමිණි ලෝකයක මිනිසුන්ගේ අනන්‍යතාවය ප්‍රශ්න කරන බව ප්‍රසන්න විතානගේ Variety සමඟ පැවසුවා. මෙම කාල වකවානුව අප දැන් ජීවත් වන කාලයේ මනා පිළිඹිඹුවක් බව ඔහුගෙ අදහසයි.

ඇ.ඩො 560,000 අති විශාල වියදමක් දරා ඇත්තේ H.D ප්‍රේමසිරි සමඟ ඉන්දියාවේ Jar චිත්‍රපට සමාගම වන අතර මෙය Film Island ඉදිරිපත් කිරීමක්.

මෙම චිත්‍රපටය සඳහා දක්ෂ ඉන්දියානු ශිල්පීන් රැසක් දායක වී ඇති අතර කැමරා ශිල්පී Rajeev Ravi (“Gangs of Wasseypur”) ශබ්ද සැලසුම Tapas Nayak (“Maadathy, an Unfairy Tale”), ප්‍රසන්න සමඟ මීට පෙර චිත්‍රපටද සංස්කරණය කළ Sreekar Prasad (“Flowers of the Sky”) ඉන් කිහිප දෙනෙක්.

පුරහඳ කලුවර, අනන්ත රාත්‍රිය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ මෙම චිත්‍රපටය 2020 මෙරට තිරගත වීමට නියමිතයි.

‘ලොව අනෙකුත් රටවල මෙන්ම මෙරටද ස්වාධීන සිනමාපට ප්‍රදර්ශනයට බදා රැසක් ඇති අතර සිනමාශාලා හිමියන්ද පුලුල් ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ඇති චිත්‍රපට ප්‍රදර්ශනයට පෙළඹෙන අතර එම නිසා තරුණ සිනමාකරුවන්ට අසාධාරණයක් වී තිබෙනවා.’ ප්‍රසන්න එසේ පවසනවා.

මේ අතර ප්‍රසන්න විතානගේ ඔහුගේ නවතම චිත්‍රපටය “Songbird” නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.

අනුවර්තනය – උදාර විකුම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *