Joker රජ ගමනේ

Hangover, War Dogs වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Todd Phillips ගේ නවතම චිත්‍රපටය වන Joker චිත්‍රපටය මේ වන විට ලොව වටා සහ දිවයින පුරා සිනමාශාලා වල අතිසාර්ථක ලෙස තිරගත වේ.

ඇමරිකාව තුල ඩො.මි 94 ආදායමක් ආරම්භක සතියේ ලබාගනිමින් මීට පෙර ඔක්තෝබර් මාසය සදහා ‘Venom’ චිත්‍රපටය තබා තිබූ ඩො.මි 80 ක(Opening Weekend) වාර්තාව බිඳහෙලීමට Joker චිත්‍රපටය සමත් විය.

ඒ සමගම ආරම්භක සති අන්තයේදි ලොව පුරා ඩො.මි 234 ආදායමක් වාර්තා කිරීමටද සමත් විය.

අතිශය මතභේදාත්මක සිරස්තල මවමින් තිරගත වන මෙම චිත්‍රපටය Venice චිත්‍රපට උළෙලේ ‘Golden Lion’ සම්මානය දිනාගැනීමට සමත් වූ අතර මීට පෙර එම සම්මානය දිනා ගැනීමට සමත් වූ චිත්‍රපට වන්නේ Shape of Water හා Roma යන චිත්‍රපටයි.

මෙහි Joker ලෙස සුප්‍රකට නලු Joaquin Phoenix ගේ අතිදක්ෂ චරිත නිරූපණය චිත්‍රපටය ලෝකය පුරා ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුවයි. IMDb රේටින් 10න් 9ක් ම හිමිකර ගනිමින් Joker ලෝකය පුරා තිරගත වෙත්දී බොහෝ දෙනා දැන්මම ඔස්කාර් සම්මාන උළෙලේ ලොකු දුරක් යාවි යැයි විශ්වාස කරති.

-උදාර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *