‘සුනාමි’ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වුණු දා (Photos)

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ නවතම නිර්මාණය වන ‘සුනාමි’ හි ප්‍රචාරක පටය සහ ගීත පසුගියදා එළිදැක්වුණා. ඒ වැල්ලවත්ත සැවෝයි සිනමාශාලාවේදී.

ආරාධිතයින් විශාල සංඛ්‍යාවකගේ ප්‍රධානත්වයෙන් ඒවා එළිදැක්වුණා. සුනාමි චිත්‍රපටය දැවැන්ත නිෂ්පාදනයක් වන අතර 2004 සුනාමි ව්‍යසන සමයේ සංවේදී, සත්‍යය කතාවක් ආශ්‍රයෙන් නිර්මිතයි.

‘සුනාමි’ නිෂ්පාදනය රේණුකා බාලසූරියගෙන්. නිරංජනී ශන්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුලු ශිල්පීන් විශාල ප්‍රමාණයක් ‘සුනාමි’ සඳහා දායකත්වය ලබා දී ඇත.

‘සුනාමි’ ළඟදීම තිරගත වීමට නියමිතයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *