හුස්ම’ චිත්‍රපටයේ මංගල දැක්ම දා (Photos)

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ ‘හුස්ම’ චිත්‍රපටය පසුගිය දා කලම්බු සිටි සෙන්ටර් හි Scope සිනමා සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ විශාල ආරාධිතයන් පිරිසකගේ සහභාගිත්වයෙන්. සුදේශ් තමන් පවත්වාගෙන ආ සිනමා ගමන් මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් ආන්දෝලනාත්මක සිනමා පටයකට අත ගැසීමක් ලෙසයි හුස්ම චිත්‍රපටය හැඳින්විය හැක්කේ.

නිහාල් විජේසිංහ නිෂ්පාදනය කළ හුස්ම චිත්‍රපටයට රංගන දායකත්වය දැක්වූයේ චමත්කා ලක්මිණි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දසුන් පතිරණ සමඟින් පුබුදු චතුරංග.

හුස්ම චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනමාශාලා වල සාර්ථකව තිරගත වෙනවා.

‘හුස්ම’ වැඩිහිටියන්ට පමණයි….


Leave a Reply

Your email address will not be published. Required fields are marked *